පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නීති විරෝධී පෝස්ටර් දහතුන් ලක්ෂ තිස්හයදහසකට වැඩි ප්‍රමාණයක් ඊයේ (11දා) දිනය වන විට විනාශ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.දිවයින පුරා කම්කරුවන් එක්දහස් පන්සියක් පමණ පිරිසක් යොදාගෙන අදාළ කටයුතු සිදුකරන බවත්, මීට අමතරව පෝස්ටර් හයලක්ෂ හතළිස් එක් දහසක් පොලීසිය භාරයට ගෙන තිබෙන බවත් හෙතෙම පැවසීය.
බැනර් එක් දහස් එකසිය තිස් හයක් විනාශ කර තිබෙන බවත්, 534 ක් පොලීසිය භාරයට ගෙන තිබෙන බවත් ඒ මහතා පැවසීය.කටවුට් 1156 ක් විනාශ කර 1674 ක් පොලිස් භාරයට ගෙන තිබේ.
දැන්වීම් හා අත්පත්‍රිකා 6075 කට වැඩි ප්‍රමාණයක් විනාශ කර 69630 ක් පොලිස් භාරයට ගෙන ඇත.මැතිවරණයට අදාළව මෙම කාලයෙහිදී පොලීසියට පැමිණිලි 446 ක් වාර්තා වී ඇත. මෙම පැමිණිලිවලින් 61 ක් අපරාධමය පැමිණිලි බවත් 385ක් නීති උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් ලැබී තිබෙන බවත් නිහාල් තල්දූව මහතා පවසා සිටියේය.
පුද්ගලයන් 441 ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම පිරිස් අතර අපේක්ෂකයන් 14 ක් සිටින බවත් අධාරකරුවන් 424ක් සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.වාහන 111 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, මැතිවරණයට අදාළව අඛණ්ඩව ආරක්ෂාව ලබා දී තිබෙන බවත්, අද (12දා) සිට පොලිස් නිලධාරීන් හැට හතර දහසකට ආසන්න ප්‍රමාණයක් රාජකාරියේ යොදවන බවත් පොරොත්තු සේවා සඳහා යෙදවිමට පොරොත්තු ලේඛනවල සිටින පොලිස් නිලධාර්න්ගේ ප්‍රමාණය සැලකීමේදි එය හැත්තෑ දහසකට අධික බවත් හෙතෙම පැවසීය.
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් තුන්දහස් දෙසීයක්ද, සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් දොළොස් දහස් දෙසිය විසිහතක් ද සෘජුවම ආරක්ෂක කටයුතුවල යොදවන බවද සඳහන් කළේය.ප
ොලිස් නිලධාරීන් මැතිවරණ රාජකාරි කටයුතුවල යෙදවීම නිසා වැදගත් ආරක්ෂිත ස්ථානවල යොදවා සිටි පොලිස් නිලධාරීන් වෙනුවට යුදහමුදානිලධාරීන් 11000කට ආසන්න ප්‍රමාණයක් අදාළ ස්ථානවලට යොමු කරන බවද ඔහු පැවසීය.
අවශ්‍ය වුවහොත් ලබාගැනීම සදහා යුද හමුදා නිලධාරීන්ද පොරොත්තු ලේඛනවල සිටින බව හෙතෙම සඳහන් කළේය.ජංගම සංචාර 3109 ක්, මාර්ග බාධක 269 ක් හා කැරලි මර්දන කණ්ඩායම් 241 ක් යොදවන බවද නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
( ඉන්දික හේවාවිතාරණ)
0 Comments