මහ මැතිවරණයට පසු දිනය පොහොය දිනයක් වුවද ඡන්ද මධ්‍යස්ථාන ලෙස විහාරස්ථාන යොදා ගැනීමට විහාරාධිපති හිමිවරුන්ගෙන් බහුතරයක් කැමැත්ත පළ කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
කඨින පූජෝත්සව පැවැත්වීම හේතුවෙන් අදාළ කටයුතු සඳහා යම් බාධා එල්ල විය හැකි බව විවිධ පාර්ශ්ව මත පළ කර තිබූ බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේය.මේ අනුව අදාළ සිදුවීම් සම්බන්ධයෙන් දිස්ත්‍රික් තේම් භාර නිලධාර්න් හරහා විහාරස්ථානවලින් විමසීමක් සිදු කළ බවද පවසා සිටියේය.
මෙවර මැතිවරණය සඳහා විහාරස්ථාන 2,263ක ඡන්ද මධ්‍යස්ථාන පැවැත්වීමට නියමිතව තිබූ බවත්, ඉන් විහාරස්ථාන 2,203ක විහාරාධිපති හිමිවරු අදාළ කටයුතු සඳහා කැමැත්ත පළ කර තිබෙන බවද සඳහන් කළේය. කඨින පින්කම් හේතුවෙන් විහාරස්ථාන 45ක සහ වෙනත් හේතුන් මත විහාරස්ථාන 15කත් ඡන්ද මධ්‍යස්ථාන විදියට යොදා ගැනීමට හැකියාවක් නොමැති බවද පවසා සිටියේය.
කඨින පින්කම් හා වෙනත් හේතුන් නිසා ඡන්ද මධ්‍යස්ථාන පැවැත්වීමට නොහැකි වන විහාරස්ථාවලට අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙනත් ස්ථානවල පැවැත්වෙන බවද සඳහන් කළේය.මේ මස14වෙනිදා පාර්ලිමේන්තු ඡන්ද විමසීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කර තිබෙන බවද පැවසීය.
මේ අනුව නියමිත පරිදි නොවැම්බර් මාසයේ 14වෙනිදා උදේ 7.00 සිට සවස 4.00 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන බවද සඳහන් කළේය.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු පෙරේදා (04දා) සිදුකෙරුණු අතර, පසු ගිය දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ ඡන්දදායකයන් සඳහා හෙට (07දා) සහ අනිද්දා (08දා) දිනවල තැපැල් ඡන්දය භාවිත කිරීමට තිබෙන බවද පවසා සිටියේය.
(ඉන්දික හේවාවිතරණ)
0 Comments