සිය බිරියගේ අනියම් ප්‍රේමයක් ඇතැයි සැකයෙන් සිටි සැමියකු ඇගේ සිරුරට භූමිතෙල් වත්කොට ගිනි තැබූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලීසිය පවසයි.
මෙම සිද්ධියෙන් බරපතළ පිලිස්සුම් තුවාල ලබා හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදරු මවක් පෙරේදා (19) රාත්‍රියේ මරණයට පත් වුවාය.
මෙසේ අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි දෙදරු මවක වන ජමාල්දින් පාතිමා සපුනා නමැත්තියයි.
තම බිරියගෙ අනියම් පෙම් සම්බන්ධතාවයක් ඇති බවට සැක සිතී ඒ පිළිබඳව ඇතිවු ආරවුලක් දුරදිග යාමෙන් පසු සැමියා විසින් භුමිතෙල් වක්කර ඇගේ සිරුරට ගිනි තබා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
මෙම සිද්ධිය වන අවස්ථාවේදී කාන්තාවගේ සිරුරට ඇවිළුණු ගින්න නිවීමට ගොස් සැකකාර පුරුෂයාගේ දෙඅත් පිලිස්සී ඇති බවත් ඔහු ද මේ වනවිට හලාවත මහ රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලීසිය සඳහන් කරයි.
සැකකාර සැමියා සිය බිරියගේ සිරුරට ගිනි තැබීමෙන් පසු මෙම දෙදරු මව දිව යද්දි අසල්වාසින් ඇයගේ ගිනි ගනිමින් තිබූ සිරුරේ ගින්න නිවා දමා කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවට ද කරුණු හෙළිව ඇතැයි පොලීසිය පවසයි.
මෙම තරුණ දෙදරු මවට ගිනි තැබූ සැමියා එය බිරිය විසින් ගිනි තබා ගත් බවට අඟවන්නට විශාල ප්රයත්නයක් ගෙන තිබූ නමුත් බරපතළ පිලිස්සුම් තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමට පෙර මෙම කාන්තාව තම සැමියා විසින් තමන්ට භූමිතෙල් වක්කර ගිනි තැබූ බවට අසල්වාසීන්ට ප්‍රකාශ කර තිබූ බව ද පොලීසිය සඳහන් කරයි.
එම තොරතුරු අසල්වැසියන් මෙම මරණය සම්බන්ධව පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමට පැවසූ බව ද පොලීසිය කියයි.
පිලිස්සුම් තුවාල ලබා බරපතළ ලෙස සිටි කාන්තාව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කඩිනමින් හලාවත මහ රෝහලට ගිලන් රථ මගීන් වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කර තිබියදී එහිදී මරණයට පත්ව ඇත.
අදාළ මරණය සම්බන්ධව හලාවත මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වරුණ නිර්මාල් මහතා විසින් පුත්තලම තිල්අඩිය නිෙවසට පැමිණ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේය.
පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (20) හලාවත මහ රෝහලේදී සිදුකෙරිණි.
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
0 Comments