මහ වැසි හේතුවෙන් මහවැලි, කැලණි, නිල්වලා, යාන් ඔය, මල්වතු ඔය, මහ ඔය, අත්තනගලු ඔය සහ දැදුරු ඔය ආශ්රිත පහත් බිම් පිටාර ගලමින් තිබෙන බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව පූර්ව සූදානමකින් යුතුව කටයුතු කරන ලෙස වාරිමාර්ග අධ්යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) එස්.පී.සී. සුගීෂ්වර මහතා ඉල්ලීමක් කරයි. මෙයට අමතරව ප්‍රධාන වැව් 73න් 37ක්ම වාන් දොරටු විවෘත කරමින් ඇති බවත් වාරිමාර්ග අධ්යක්ෂවරයා පැවැසීය. සමස්තයක් ලෙස දිවයින පුරා ප්‍රධාන වැව් 73හි ජල මට්ටම සියයට 77ක පමණ සැලකිය යුතු ඉහළ ධාරිතාවක තවදුරටත් පවතින බවත් ඔහු සඳහන් කළේය.
මෙයට අමතතරව මධ්‍යම ප්‍රමාණයේ වැව් 171න් සැලකිය යුතු ප්‍රමාණයක වාන් දමන බවත් සුගීෂ්වර මහතා කීවේය.ජලාශ ආශ්‍රිතව වාන් දොරටු විවෘත කර ඇති බැවින්, අවට ජනතාව සැලකිල්ලෙන් පසුවන ලෙසත් ඔහු සඳහන් කළේය.කැලණි සහ මහවැලි ප්‍රධාන ගංගාවල සහ අතු ගංගා ආදියේ ජල මට්ටම සැලකිය යුතු මට්ටමක පවතින බැවින්, ඒවායේ ගමන් කිරීම, ඔරු පැදීම සහ දිය නෑමෙන් වැළකී සිටිය යුතු බවත් සුගීෂ්වර මහතා කීවේය.
මෙයට අමතරව මහ ඔය, දැදුරු ඔය සහ අත්තනගලු ඔයේ ඉහළ ජල මට්ටමක් වාර්තා වන බවත් ඔහු සඳහන් කළේය.නිරිත දිග මෝසම සක්‍රිය වීමෙන් වැසි තත්වය වැඩි වී ඇති බැවින්, සෙසු ගංගා ඇළ දොළ සහ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින්, ඒ පිළිබඳ තවදුරටත් සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවත් වාරිමාර්ග අධ්යක්ෂවරයා කීවේය.
එමෙන්ම, අධික වර්ෂාපතනයත් සමග නගර ආශ්රිත මහාමාර්ග ක්ෂණිකව ගංවතුර තත්වයක් ඇති විය හැකි බැවින්, රථවාහන රියැදුරන් සහ මගින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
(නිමල කොඩිතුවක්කු)
0 Comments