විවාහක කාන්තාවකට ලිංගික අතවරයක් සිදුකොට ප්‍රදේශයෙන් පලාගොස් සිටි සැකකරුවකු 16 දා සවස අත්අඩංගුවට ගත් බව රාජාංගණය පොලීසිය පවසයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජාංගණය යාය 13 ප්‍රදේශයේ පදිංචි විවාහක අයෙකි.දැනට මාස ගණනාවකට පෙර විවාහක කාන්තාවකට ලිංගික අතවරයක් සිදුකළ බවට එම කාන්තාව විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගැනීමට ගියද ඔහු ප්‍රදේශයෙන් පලාගොස් සිටි බව පොලීසිය පැවසීය.ගමට පැමිණ ඇති සැකකරු තම පියාගේ බාල සහෝදරයා
සමග බහින් බස් වීමක් සිදුවී ඔහුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවත් මාස ගණනකට පෙර කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියේ සැකකරු ඔහු බවට අනාවරණය කරගත් බවත් පොලීසිය සඳහන් කළේය.
අතවරයට ලක්වුවා යැයි සඳහන් කාන්තාවගේ සැමියා හෙරොයින් ළග තබාගැනීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් ඒ අතර වාරයේ මෙම අතවරය සිදුකර ඇති බවත් පොලීසිය කීය.සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය. රාජාංගණය පොලිස් ස්ථනාධිපති ප්‍ර. පො.ප.ජී.ඩබ්ලිව්.ගජසිංහ මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
නුවන් කුමාර
0 Comments