rani-film-trailer-richard-de-soysa

 මීට දශක කිහිපයකට පෙර ආන්දෝලනයක් ඇති කරමින් රූපවාහිනී මාධ්‍යවේදියෙකු හා නාට්‍ය නිර්මාණකරුවෙකුවූ රිචඩ් ද සොයිසා ඝාතනය කිරීමේ සිද්ධියට හා ඉන් පසු ඔහුගේ මව සිදුකළ අරගලයට පසුබිම්වූ කතාව චිත්‍රපටයක් ලෙසින් එළිදක්වන්නට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගම කටයුතු කර තිබේ. ප්‍රකට වෛද්‍යවරියක වන  රිචඩ් ද සොයිසාගේ මව මනොරානි සරවනමුත්තු පදනම් කරගෙන මෙම කතාව නිර්මාණයවී ඇති අතර 'රානි' නම යොදා ඇත.

1990 පෙබරවාරි 18 වැනි දින හිමිදිරි පාන්දර සන්නද්ධ කණ්ඩායමක් නිවසට කඩා වැදී රිචඩ් ද සොයිසා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තිබුණි.
ඔහුගේ මව මනොරානි කඩිමුඩියේ වැලිකඩ පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් කළාය. පසුදින රිචඩ් ද සොයිසාගේ නිසල දේහය මොරටුවේ වෙරළට ගොඩගසා තිබියදී හමුවිය . ඔහුගේ හිසට වෙඩි වැදී  තිබූ අතර උගුර හා හකු කැඩී ගොස් තිබිණි.



පසුදින පැවති මරණ පරීක්ෂණයේදී මනොරානි  ප්‍රකාශ කළේ පැහැරගත් පුද්ගලයන් දෙදෙනෙකු තමන්ට හඳුනාගත හැකි බවයි. එක් අයකු උසස් පොලිස් නිලධාරියෙක් විය.
කෙසේ වෙතත්, සැකකරුවන් අත්අඩංගුවට නොගත් අතර එවක නායකත්වය මෙම ඝාතනය නොසලකා හැර තිබිණි.
ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව සිට රජයට විරෝධී නාට්‍යයක්  නිර්මාණය කිරීම නිසා රිචඩ් ද සොයිසා ඇතුළු දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කළ බවට එකල මතයක් පැතිරිණි.
මනොරානි සරවනමුත්තු සහ ඇයගේ නීතිඥ වීරකෝන් දෙදෙනාටම පසුව මරණ තර්ජන ද එල්ල විය. 2001 දී මනෝරානි මියගියාය.
රිචඩ්ගේ මිතුරියක වන තාරකී සිවරාම් ද 2005 දී ද රිචඩ්ට වැනිම ඉරණමකට මුහුණ දුන්නාය.

රිචඩ් ද සොයිසා ඝාතනය ගැන හඳගමගේ චිත්‍රපටය 'රානි' ට්‍රෙලරය පහතින්