නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රීවරයකු ලෙස රවී කරුණානායක මහතාගේ නම එම පක්ෂ ලේකම්වරිය මැතිවරණ කොමිසමට යැවූ නෛතික ලියවිල්ල පදනම් කරගෙන එය පිළිගෙන ගැසට් කරන්නට කොමිසම අදම කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් මෙම නම යෝජනාව පක්ෂයේ අනුමැතිය මත සිද්ධ වූවක් නොවන බව කියමින් නෛතික ලියවිල්ල ප්රකාශයට පත්වූ අවස්ථාවේ සිට පක්ෂය තුළ පැවති අර්බුදය ඔඩුදුවා ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කරයි.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ හිමිකාරත්වය සතු අත්තනෝමතික බලය උපයෝගී කරගෙන රවී තමන්ගේ ලේකම් ලවා සිය පුද්ගලික මතයට වැඩ කර ඇතිය යන්න චෝදනාවයි.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා කියා සිටියේ, පක්ෂයේ මහලේකම්වරිය රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යෝජනා කිරීම සම්බන්ධව අවසන් තීරණය හෙට (19) ගැනීමට නියමිතව තිබූ බවයි.
එමෙන්ම ඇය අද (18) ගත් තීරණය සම්බන්ධයෙන් පක්ෂයේ කිසිවකු දැනුවත්ව නොසිටි බව ද රවීගේ උපදෙස් මත එලෙස සිදුකිරීම නොමනා කටයුත්තක් ලෙසද නම් කර තිබේ.
ගෑස් සිලින්ඩරය පක්ෂය ශ්රී ලංකා පොදුජන පෙරමුණින් ගැලවී ආ කන්ඩායමක් හා රනිල් ගේ එජාප කන්ඩායමක් එක්වී මැතිවරණයට තරග කළ පක්ෂයකි. ඔවුන්ගේ මුල් එකඟත්වයන් අනුව ජාතික ලැයිස්තුවෙන් ලැබෙන කෝටාව මෙම කන්ඩායම් දෙක අතර බෙදාගන්නට තීන්දුවී තිබුණ අතර ඒ අනුව ශ්රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශ්වයෙන් දිනේෂ් ගුණවර්ධන හා ටිරාන් අලස්ගේ නම් දෝලනය වෙමින් සාකච්ඡාවට ලක්වෙද්දී රවී කරුනානායක හා සාගල රත්නායකගේ නම් අනෙක් කන්ඩායමේ දෝලනය වෙමින් සාකච්ඡාවට ලක්විය.
මුලින් දිනේෂ් හා රවී යන දෙන්නා නිහ්චිතව තෝරාගන්නා බවට ආරංචි පැතිර ගියත් රනිල් වික්රමසිංහ මහතාගේ මතය වී ඇත්තේ සාගල රත්නායක පාර්ලිමේන්තුවට යැවීම එජාප අනාගතයට වඩා හිතකර බවකි. මාතරින් ඉල්ලන සාගල රත්නායක මෙවර කොළඹ දිස්ත්රික්කයෙන් තරග වැදුනේ රනිල් වෙනුවටය. නමුත් ඔහු පරාජය වූ අතර පරාජිත අයකු වුවද ජාතික ලැයිස්තුව ඔස්සේ ඔහුට අවස්ථාවක් දියයුතු බව රනිල්ගේ අදහසවී ඇතැයි කියැවේ.නමුත් රවී කරුනානායක එයට එකඟවී නැත.
රවී කරුණානායකට හිමිකමක් සහිත පක්ෂයේ ඔහු සිය බලය පාවිච්චි කර මේ අවස්ථාවේ මන්ත්රී ධූරය ඩැහැගෙන ඇතිය යන්න වජිර අබේවර්ධනගේ චෝදනාවයි.
කෙසේ වෙතත් මේ වනවිට නම ගැසට් කර ඇති නිසා එය වෙනස් කරන්නට නම් නීතිමය ක්රියාමාර්ග වලට යායුතුය.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදීද අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු අසුන සම්බන්ධයෙන් මෙවන් ගැටලු නිර්මාණය වූ අතර කොමිසම පිළිගත්තේ ලේකම් වරයාගේ අත්සනින් නිකුත් කරන ලිපි පමණි.
0 Comments