ravi-karunanayake-speaks

තමන්ගේ නම බලහත්කාරයෙන් නම් කරගනිමින් මන්ත්‍රී පදවියක් ලබාගත් රවි කරුණානායක නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙහි ජාතික ලැයිස්තු නාමයෝජනා සම්බන්ධයෙන් මතුව ඇති මතභේදය හමුවේ මාධ්‍ය අමතා අදහස් දක්වා තිබේ.



ඉංග්‍රීසි පුවත්පතක් කළ විමසීමකදී පිළිතුරු දෙමින් රවී කරුණානායක මහතා කියා ඇත්තේ සන්ධාන පාර්ශවකරුවන් අතර අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමට අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට (NDF) එක් ස්ථානයක් හිමිවන බවට සහතික වී ඇති නිසා තමන්ට අයත් පක්ෂයේ කෝටාව ලබාගැනීමක් පමණක් සිදුකර ඇති බවත් මෙහි සදාචාරාත්මක ගැටලුවක් නොමැති බවයි.

"NDF slot එක ගැන නම්, NDF එකෙන් කවුරුත් එන්නේ නැහැ.

ඉතින්, මම නම් කළා," ඔහු පැවසීය.

අවබෝධතා ගිවිසුමට අත්සන් කළ පක්ෂ වන්නේ පොදු පෙරමුණ, නව සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප), ලංකා කම්කරු කොංග්‍රසය සහ එක්සත් ජාතික පක්ෂය (එජාප) ය.
ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුව ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුර දෙකක් පමණක් ලබාදී තිබුණ අතර අවබෝධතා ගිවිසුමේ 4 වැනි ව්‍යවස්ථා වගන්තිය අනුව NDF ට එකක් ලැබිය යුතු බව ඔහු තර්ක කරයි.