ravi-namal-sathyalingam

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය දෙකින් එකක් සඳහා රවී කරුණානායක මහතාගේ නමද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයා ලෙස නාමල් රාජපක්ෂ මහතාගේ නමද ඉලංකෙයි තමිල් අරසු කච්චිහි වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් මහතා  නම් ද මන්ත්‍රී ධූර ලැබූ අය ලෙස පිළිගනිමින් මැතිවරණ කොමිසම  මගින් ගැසට් කර තිබේ.ඒ ඒ පක්ෂවල ලේකම් වරුන් නිකුත් කළ ලිපි පදනම් කරගෙන මෙම පත්කිරීම් සිදුකර ඇත.


මින් ඉහත ජාතික ජන බලවේගයේ 18 දෙනෙකු හා සර්ව ජන බලයේ අපේක්ෂක දිලිත් ජයවීරගේ නමද මෙලෙස පිළිගෙන ගැසට් කළ අතර මේවනවිට සමගි ජන බලවේගයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ තවත් එක් මන්ත්‍රී ධූරයක් සඳහා නම් ගැසට් කිරීමට නියමිතව තිබේ.
ලබන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු නව සභා වාරයට පෙර ඒ නම් ලැබෙනු ඇතැයි කොමිසම අපේක්ෂා කරයි.
රවී නාමල් හා පත්මනාදන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පිළිගනිමින් නිකුත්වූ ගැසට්ටුව පහතින්