ravi-nominated-national-list-mp

 නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේදී අර්බුද රැසකට මුහුණපා ඇති අතර තාවකාලික විසඳුමක් ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා මෙවර මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකින් එක් මන්ත්‍රී ධුරයක් සඳහා  රවී කරුණානායක මහතාගේ නම කොමිසමට යවා තිබේ.අනෙක් නම පාර්ලිමේන්තු ආරම්භයට පෙර යවන්නට වත් තවම සූදානමක් නැත.




ගෑස් සිලින්ඩරය පක්ෂය රවී කරුණානායකට සම්බන්ධ එකක් වන අතර එම පක්ෂයේ මහ ලේකම් ශර්මිලා පෙරේරා මහත්මිය මෙම තීරණය මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී ඇත.
ගෑස් සිලින්ඩරය වෙනුවෙන් ලැබුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකින් එකක් රනිල්ගේ පිලටත් අනෙක පොහොට්ටු පිලටත් බෙදා නම් කිරීමට යෝජනාවී තිබුණත් ඒ සදහා තෝරාගත යුතු අය ගැන විවාදයක් පැවතිණි.
කොළඹ, මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබූ සාකච්ඡාව ද විසඳුමකින් තොරව අවසන් කර තිබූ අතර තාවකාලික විසඳුමක් ලෙස එක නමක් පමණක් දැනට යවා පසුව දෙවන නම යවන්නට තීරණයවී ඇත.
දිනේෂ් ගුණවර්ධන හා ටිරාන් අලස් යන දෙන්නාගෙන් කෙනෙකු නම් කිරීම සම්බන්ධ ගැටලුව තවම පවතින බව අභ්‍යන්තර ආරංචි වාර්තා කර තිබේ.