නාරාහේන්පිට මෝටර් රථ ප්රවාහන කොමසාරිස් කාර්යාලයේ තිබූ වෙළෙඳ වාහන ලියාපදිංචි කිරීමේ පොත් 12 ක් අතුරුදන් වීම සම්බන්ධයෙන් වෙළෙඳ වාහන ලියාපදිංචි කිරීමේ අංශයට අනුයුක්තව සේවය කරන සියලු සේවකයන්ගේ දුරකථන විස්තර වාර්තා බොරැල්ල පොලීසියට දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල මහතා දුරකථන සමාගම් හතරක කළමනාකාරවරුන්ට 30දා නියෝග කළේය.
මෝටර් රථ ප්රවාහන කොමසාරිස් කාර්යාලයේ වෙළෙඳ වාහන ලියාපදිංචි කිරීමේ අංශයේ තිබූ සම්පූර්ණ නොකරන ලද පොත් 12ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කිරීම සඳහා එම කාර්යාලයේ සේවය කරන සියලු සේවකයන්ගේ දුරකථන විස්තර වාර්තා කැඳවීමට අවසර දෙන්නැයි බොරැල්ල පොලීසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා එලෙස නියම කළේය.
මෝටර් රථ ප්රවාහන කොමසාරිස් කාර්යාලයේ වෙළෙඳ වාහන ලියාපදිංචි කිරීමේ අංශයේ තිබූ සම්පූර්ණ නොකරන ලද පොත් භාරව සිටි ලිපිකාරිනියක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනවල ප්රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ බොරැල්ල පොලීසියේ නිලධාහු, මෝටර් රථ ප්රවාහන කොමසාරිස් කාර්යාලයේ වෙළෙඳ වාහන ලියාපදිංචි කිරීමේ අංශයේ සී.සී.ටී.වී. කැමරා සවිකර නැති හෙයින් කාර්යාලයේ තිබූ ඇඟිලි සටහන් අනුව ඉදිරි විමර්ශන කරන්නේ යැයි කීහ.
මෙම විමර්ශන සඳහා පසුගිය සැප්තැම්බර් 25 වැනිදා සිට මේ දක්වා එම කාර්යාලයේ සේවය කළ සේවකයන් 08 දෙනාගේ දුරකථනවලට ලැබුණු හා දුරකථනවලින් ලබාගත් ඇමතුම් පිළිබඳ විස්තර වාර්තා කැඳවීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටි බොරැල්ල පොලීසියේ නිලධාහු පිටස්තර්න් මෙම කාර්යාලයට පැමිණි පුද්ගලයකු වාහන ලියාපදිංචි කරන මෙම පොත් සොරකම් කර ඇත්ද, න
ැත්නම් කිසියම් පාර්ශ්වයකගේ දැනුවත්කමින් මෙම පොත් අස්ථානගතවීද යන්න පිළිබඳ හෙළි කරගැනීම සඳහා ඉදිරි විමර්ශන කරන්නේ යැයිද කීහ.
එක් පිළිවෙළට තිබූ වාහන ලියාපදිංචි කරන පොත් 12ක් මෙලෙස අතුරුදහන් වී ඇතැයි දැනුම් දෙමින් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව, මෝටර් රථ ප්රවාහන කොමසාරිස් කාර්යාලයේ වෙළෙඳ වාහන ලියාපදිංචි කිරීමේ අංශයට අනුයුක්තව සේවය කරන සියලු සේවකයන්ගේ දුරකථන විස්තර වාර්තා බොරැල්ල පොලීසියට දෙන ලෙස දුරකථන සමාගම් හතරක කළමනාකාරවරුන්ට නියෝග කළ මහේස්ත්රාත්වරයා, සිද්ධියට අදාළ සැකකරුවන් අනාවරණය කරගෙන ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
(බුද්ධිමාල් රුබේරු)
0 Comments