නුවරඑළිය, බගවන්තලාව ප්‍රදේශයේ මැතිවරණ වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක් එල්ල විය.
දෙමළ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන කිහිපයක පළාත් වාර්තාකරුවෙකු වන එස් සතිස් නමැති පුද්ගලයා තියුණු ආයුධයකින් පහරදීමෙන් හිසට බරපතළ තුවාල සිදුවී ඇත. ඔහු වහාම ප්‍රතිකාර සඳහා බගවන්තලාව රෝහලට ඇතුළත් කර ඇත.
අද (14) පස්වරුවේ බගවන්තලාව කර්කස්වාල්ලේ වතුයායේදී මෙම ප්‍රහාරය එල්ල වූ බව සතිස් කීය. ඔහු කියා සිටියේ අසල තිබූ කඩයකින් මතු වූ පුද්ගලයකු පිටුපසින් තමා වෙත පැමිණ පිහියකින් පහර දුන් බවයි.
සතිස් චෝදනා කළේ ප්‍රහාරකයා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයෙකුගේ ආධාරකරුවෙකු බවයි. පසුව ඔහු බගවන්තලාව පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
0 Comments