snd-elezabeth-cake

බ්‍රිතා­න්‍යයේ දෙවැනි එලි­ස­බෙත් රැජ­නගේ සහ පිලිප් කුම­රුගේ විවාහ උත්ස­ව­යේදී අමු­ත්තන්ට පිළි­ගැන්වූ කේක් කැබැ­ල්ලක් අඩංගු මංජු­සා­වක් පවුම් 2,200කට (ශ්‍රී ලංකා මුද­ලින් රුපි­යල් අට­ලක්ෂ තිස්ද­හ­ස­කට) වෙන්දේසි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 77ක් පැරැණි එම කේක් කැබල්ල ආහා­ර­යට ගත නොහැකි වුවද, සිහි­ව­ට­න­යක් ලෙස තබා ගැනී­මට හැකි­යාව ඇතැයි එම වෙන්දේ­සිය සිදු කළ එංග­ල­න්තයේ රීමන් ඩැන්සි වෙන්දේසි සමා­ගම ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

එසේ වෙන්දේසි වී ඇත්තේ 1947 නොවැ­ම්බර් මස 20 වැනිදා පැවැති එලි­ස­බෙත් රැජ­නගේ විවාහ උත්ස­ව­යෙන් පසු රැජන විසින් ස්කොට්ල­න්තයේ එඩි­න්බරෝ නුවර පිහිටි රාජ­කීය මන්දි­රයේ සේවි­කා­වක වන මැරි­යන් පොල්සන්ට රාජ­කීය යුවල විසින් තෑගි කරනු ලැබූ කේක් කැබැල්ල බහාලූ රිදී මංජු­සා­වක් බවත්, සේවි­කාව එය දශක ගණ­නා­වක් පුරා සුර­ක්ෂි­තාව තබා­ගෙන සිටි බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.