ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ සබන් නිෂ්පාදන ආයතනයක් ව්‍යාජ පාරිභෝගික ආරක්ෂක සංවිධානයකට එරෙහිව රුපියල් කෝටි 10,000 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇත.එම ව්‍යාජ පාරිභෝගික ආරක්ෂක සංවිධානය පසුගිය දිනවල එකී සබන් නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන සම්බන්ධයෙන් දිගින් දිගටම අසත්‍ය තොරතුරු සමාජ ගතකර ඇතැයි එන්තරවාසියේ සඳහන් වේ.
මහනුවර ශ්‍රී සරණංකර මාවත අංක 46 පාරිභෝගික ආරක්ෂක සංවිධානය යන ලිපිනය භාවිත කරමින් ලංකාවේ ප්රමුඛ පෙළේ සබන් නිෂ්පාදනයක් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු රැසක් වට්ස්ඇප්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ඇති බවත් දිවයින පුරා පාසල්, පෙර පාසල්, පෞද්ගලික පන්ති, ත්‍රිවිධ හමුදා කඳවුරු, පොලිස් ස්ථාන, රාජ්‍ය ආයතන හා වෙනත් කාර්යාලවලට සාවද්‍ය සහ ද්වේෂ සහගත තොරතුරු ඇතුළත් ලිපි බෙදාහැර ඇති බවත් එහි දැක්වේ.
එම සබන් නිෂ්පාදන ආයතනය මේ සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසියට මෙන්ම පාරිභෝගික අධිකාරියට ද පැමිණිලි කර ඇතැයි සඳහන් කරන එන්තරවාසිය පාරිභෝගික ආරක්ෂක සංවිධානය නමින් පෙනී සිටින්නේ ව්‍යාජ සංවිධානයක් බවට එම ආයතන කළ විමර්ශනවලදී කරුණු හෙළිදරව් කරගෙන ඇති බවද සඳහන් කරයි. සබන් නිෂ්පාදන ආයතනයේ කීර්තිනාමයට හානි කිරීමට එරෙහිව රුපියල් කෝටි 10,000 ක වන්දියක් ගෙවන ලෙස දන්වා ඇති බවත් එසේ නොකරන්නේ නම් කිසිදු වැඩිදුර දැනුම්දීමකින් තොරව නඩු පැවරීමට ක්‍රියා කරන බවට නීතිඥ සුනිල් වටගල මහතා එම එන්තරවාසියෙන් ව්‍යාජ පාරිභෝගික ආරක්ෂක සංවිධානයට දැනුම් දී ඇති බවත් සඳහන් වේ.
0 Comments