speaker-ashoka-ranwala

 දසවන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාරය අශෝක රංවල මහතා තේරී පත්විය.
පාර්ලිමේන්තුවේ මහා ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය විසින් කථානායක ධූරයට මන්ත්‍රීවරයෙකු නම්කරන ලෙස නිවේදනය කළ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඒ සඳහා ආචාර්ය අශෝක සපුමල් රංවල මහතාගේ නම යෝජනා කළා.

එම යෝජනාව ස්ථිර කරනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාය.
පසුව ඔහු පාර්ලිමේන්තුව ඉදිරියේ දිවුරුම් දුන් අතර
ඒ අනුව නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මින් ඉදිරියට ආචාර්ය අශෝක රංවල මහතා කටයුතු කරනු ඇති.

පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන් පසුව

අභිනව කථානායක වරයාට අග්‍රාමාත්‍යවරියගේ මෙන්ම,

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජිත් ප්‍රේමදාස සහ රවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන් සුභාෂිංශන එක් කළා.
ස්තූති කතා එපමණක් ප්‍රමාණවත් බව කතානායක තීරණය කළ අතර ඔහු සිය ස්තූති කතාව අනතුරුව පැවැත්වුවා.
ආචාර්ය අශෝක රන්වල පාර්ලිමේන්තුවට නවකයෙකුවීම විශේෂිතය.
ජාතික ජන බලවේගයේ විධායක සභිකයකු වන රන්වල මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප ලැයිස්තුවේ හයවන ස්ථානය දිනා පාර්ලිමේන්තුවට පැමිණි අයෙකි.හිටපු බස්නාහිර පළාත් මන්ත්‍රීවරයෙකි. කෙසේ වෙතත් පළාත් සභා හැසිරවීමේ අත්දැකීම් ඔහු සතුය.
ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ලෙස ද කටයුතු කර ඇති ඔහු ජෛව ජනන අර්ථ ශාස්ත්‍ර පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර ඇත.