සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සුජීව සේනසිංහ මහතාට අයත් නීතිවිරෝධී ආකාරයෙන් කොටස් ගෙන්වා එකලස් කරන ලදැයි කියන රුපියල් කෝටි 10 ක් වටිනා වී-8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය ආරක්ෂිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (12) නියෝග කළාය.
වී-8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ තැබීමට පහසුකම් හෝ ඉඩකඩ නොමැති බැවින් රථය අදාළ ආරක්ෂිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තැබීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී සුජීව සේනසිංහ මහතා අධිකරණයේ පෙනී සිටියේය.
සිද්ධියට අදාළ පැමිණිල්ල මෝෂමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේ දී මෙම මෝටර්
රථයට අදාළ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් නැති බවත් ප්‍රශ්නගත වාහනය සම්බන්ධයෙන් මේ වන විට කිහිප දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවත් තවත් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ ගැනීමට ඇති බවත් දැනුම් දුන් රහස් පොලිසිය ප්‍රශ්නගත වාහනය එකලස් කළ එකක්දැයි නිශ්චිතවම පැවැසිය හැක්කේ රස පරීක්ෂක වාර්තාව ලැබීමෙන් පසුව පමණක් බවත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා මහතාට ලැබුණු බල පත්‍රයක් මත 2010 වසරේ දී ප්‍රශ්නගත මෝටර් රථය මෙරටට ගෙන්වා ඇති බවත් රථය 2011 වසරේදී මාරක රිය අනතුරකට ලක්වී ඇති බවත් දැනුම් දුන් රහස් පොලිසිය මාරක අනතුරෙන් පසු රථය එකලස් කර ඇත්දැයි සෙවීම සඳහා විමර්ශන කරන බවත්
මෝටර් රථය එකලස් කළ එකක් දැයි දැන ගැනීම සඳහා රස පරීක්ෂක වාර්තාව ලැබිය යුතු බවත් සඳහන් කළේය.
සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් මෙම මෝටර් රථය නීත්‍යනුකූලව මෙරටට ගෙන්වූ එකක් බවත් මෙය හුදෙක් දේශපාලන පළිගැනීමක් බවත් පැවැසූහ. රථය පරීක්ෂා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සිය නිවෙසට ගෙන්වා ගත්තේ තම සේවාදායකයා පැය කිහිපයක් දුරකතනයෙන් ඔවුන්ට කතා කිරීමෙන් පසුව බවත් රථය අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් දුන් අධිකරණ නියෝගයෙන් පසුව තම සේවාදායකයා රථය පදවාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් එය බාර දීමට කටයුතු කළ බවත් නීතිඥවරු මෙහිදී සඳහන් කළහ. තම සේවාදායකයාට එරෙහිව නගා ඇති පදනම් විරහිත චෝදනා ඔප්පු කිරීමට පැහැදිලි සාක්ෂි රහස් පොලිසිය ඉදිරිපත් කර නැතැයිද පැවැසූහ.
රජයේ විශ්ලේෂකයා ඉතා හොඳින් මෝටර් රථය පරීක්ෂා කර ඇති බවත් ඉන් මෝටර් රථයේ පින්තාරුවා පේන්ට් එක සීරී ඇති බවත්
මෝටර් රථය යළි පින්තාරූ කිරීමට රුපියල් ලක්ෂ 40-50 ක් අතර මුදලක් වැයවන බවත් කී නීතිඥවරු මෝටර් රථය නඩු භාණ්ඩයක් ලෙස අධිකරණ බාරයට ගන්නැයි රහස් පොලිසිය කරන ඉල්ලීමට විරෝධය දැක්වූහ.
පොලිස්පති චක්‍රලේඛ පවා උල්ලංඝනය කරමින් අපරික්ෂාකාරී අන්දමින් රහස් පොලිසිය තම සේවාදායකයාට නඩු පැවැරීමෙන් ඔහුගේ නමට විශාල කැළලක් සිදුව ඇති බවත් ඒ පිළිබඳ ඉදිරියේ දී අවශ්‍ය නෛතික ක්‍රියා මාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් නීතිඥවරු වැඩිදුරටත් දැනුම් දුන්හ.ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව රස පරීක්ෂක වාර්තා කඩිනමින් කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය අදාළ මෝටර් රථය ආරක්ෂිතව අපරාධ පරීක්ෂණ භූමියේ රැඳවීමට නියෝග කළාය.සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් නීතිඥවරු පිරිසක් සමග ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙනී සිටියේය.
(විමුක්ති එස්. රුද්‍රිගු)
0 Comments