tangalle-principal

තම තනතුරට නොගැළපෙන ආකාරයෙන් දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය හා දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වූ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල අධ්‍යාපන කොට්ඨාසයේ විදුහල්පතිනියක් සම්බන්ධයෙන් හා හම්බන්තොට අධ්‍යාපන කොට්ඨාසයේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ පවත්වා, ඔවුන් දේශපාලන අයිතිවාසිකම් අහිමි රාජ්‍ය නිලධාරීන්ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන සහකාර තේම් භාර නිලධාරී ඩබ්ලිව්.සී.එස්.කේ. රත්නායක මහතා විසින් තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත හා හම්බන්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත දැනුම් දී තිබේ.




රාජ්‍ය නිලධාරීන් දේශපාලන කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් Transparency lnternational SriLankaආයතනයේ පොදු දේපළ අවභාවිතය වැළැක්වීමේ වැඩසටහන යටතේ, මෙම රාජ්‍ය නිලධාර්න් දෙදෙනාට එරෙහිව මැතිවරණ කොමිසම වෙත සිදුකරනු ලැබූ පැමිණිල්ලකට අනුව,හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානය මගින් මෙම පක්ෂණය ආරම්භ කර තිබේ.


විශේෂයෙන්ම 32/2017රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන යන රාජ්‍ය සේවකයන් වර්ගීකරණය කර තිබේ.

එහි සඳහන් පරිදි තෘතීයික මට්ටමේ හා ජ්‍යෙෂ්ඨ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් කවුරුන්ද යන්න අර්ථ දක්වා තිබේ. එමෙන්ම ආයතන සංග්‍රහයේ XXXllපරිච්ඡේදයේ අංක1මගින් දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිම්කම් නොමැති නිලධරයෙකුට තහනම් කටයුතු සඳහන් කර තිබේ. එහි 1.2මගින් දක්වා ඇති ආකාරයට එසේ සිදුකිරීම සේවයෙන් පහකිරීමට භාජනය විය යුතු වරදක් සේ පෙන්වා දී තිබේ. එමෙන්ම ඒආකාරයෙන් තමතනතුරට ඇති වගකීම්, අයිතිවාසිකම් හා හැකියාවන් සම්බන්ධව නොසලකා, එය අවභාවිත කරමින් පක්ෂ හා අපේක්ෂකයන් ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කෙරුණු රාජ්‍ය නිලධාරීර්න් බොහොමයක් සම්බන්ධයෙන් Transparency international (TISL) ආයතන ඇතුළු සංවිධාන විසින් මැතිවරණ කාර්යාල වෙත පැමිණි රාශියක් මේ වන විට යොමුකර තිබේ.
(රාහුල් සමන්න හෙට්ටිආරච්චි)