thriposha-anura

 ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම් ආහෝසි කිරීමට අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ කටයුතු කර ඇති බවත්, මෙලෙස ත්‍රිපෝෂ සමාගම අහෝසි කිරිමට හේතුව කුමක්ද යන්න පිළිබඳ වර්තමානයේ ගැටලුවක් මතුව තිබෙන බවත්, ජන අරගල සන්ධානයේ පුබුදු ජයගොඩ මහතා පැවසීය.




ඊයේ (07දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් පුබුදු ජයගොඩ මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.“අනුර දිසානායක ජනාධිපතිවරයා විදිහට පත්වීමත් එක්කම 2024 සැප්තැම්බර් 27 අංක 2403/53 දරන ගැසට් නිවේදනය නිකුත් කළා. මේ ගැසට් නිවේදනයේ 8 පිටුවේ 36වෙනි වගන්තියට අනුව ආණ්ඩුව තීරණයක් අරගෙන තියනවා සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අහෝසි කරන්න.


ඒක නිසා අමාත්‍යාංශ ගැසට් කිරීමේදී ත්‍රිපෝෂ සමාගම් කිසිදු අමාත්‍යාංශයකටවත් පවරලා නෑ. අපි දන්නවා ත්‍රිපෝෂ නිර්දේශ කරන්නේ අවුරුදු 5ට අඩු අඩු බර සහිත දරුවන්ට, නිරක්තියෙන් පෙළෙන ගැබිනි මවුවරුන්ට සහ කිරි දෙන මවුවරුන්ට, එතකොට ත්‍රිපෝෂ කියන්නෙ රටේ ජනතාවගේ පෝෂණය පවත්වා ගෙන යන්න අත්‍යවශ්‍ය දෙයක්.

1987 මේ සමාගම පෞද්ගලික දුම්කොළ නිෂ්පාදන සමාගමක් සමග ඒකාබද්ධව ආරම්භ කරලා 2011 දී රජයේ සෞඛ්‍ය අමාතත්‍යාංශයට පවගන්න හේතු වුණොත් අත්‍යවශ්‍ය අජන සේවාවක් නිසා. රජයට පවරගන්න කොට සමාගමේ නිෂ්පාදන ධාරිතාව විදිහට තිබුණ රටේ සමස්ත අවශ්‍යතාවයෙන් 70%යි. නමුත් 2016 වෙද්දි අලුත් යන්ත්‍ර සූත්‍ර එක්ක මේ අගය 100% දක්වා වර්ධනය වුණා. මේ වෙද්දී අවශ්‍යතාවයටත් වඩා වැඩි නිෂ්පාදනයක් වෙනවා. ඒ වැඩි නිෂ්පාදනය රජය මැදිහත් වෙලා සුපෝෂ නමින් වෙළෙඳපොළට දානවා.


මේ නිෂ්පාදනය වෙළෙඳපොළට දාලා මාස තුනක් ඇතුළත වෙළෙඳපොළේ වැඩියෙන්ම අලෙවි වෙන සීරියල් ආහාරය වුණේ සුපෝෂ. දැනට සෆිස්ත සීරියල් වෙළෙඳපොළ අවශ්‍යතාවයෙන් 70%ක් සපුරන්නෙ සුපෝෂ. ඒතකොට  ත්‍රිපෝෂ සමාගම රටේ පෝෂණ අවශ්‍යතාවය සැපිමේ විශාල සේවයක් කරන ගමින් ලොකු ලාභයකුත් රජයට උපයලා දෙනවා. සාමාන්‍යයෙන් ත්‍රිපෝෂ සමාගම රාජ්‍ය භාණ්ඩාගාරයට වාර්ෂිකව උපයා දෙන ආදායම රුපියල් මිලියන 500ක් විතර වෙනවා. දැන් ප්‍රශ්න තියෙන්නෙ එහෙනම් ඇයි ත්‍රිපෝෂ සමාගම් අහෝසි කරන සැලසුමක් ක්‍රියාත්මක වෙන්නෙ කියන එකයි.”
(දිනේෂ් සමරකෝන්)