11.00 am update
ඇමරිකානු ජනපතිවරණයෙහි ප්‍රතිඵල දැන් නිකුත්වෙමින් පවතින අතර ට්‍රම්ප් සහ කමලා හැරිස් මේ වන විට ඔවුන් ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂිත ප්‍රාන්තයන් සුරක්ෂිත කරගෙන ඇති අතර ආසන්න පුරෝකතනය අනුව අවිනිශ්චිතව පැවති කමලාගේ පක්ෂය සතු ජෝර්ජියා ප්‍රාන්තය මෙවර ට්‍රම්ප්ට ලැබෙන තත්වයක් පෙන්නුම් කර ඇත. මීට පෙර අවිනිශ්චිත උතුරු කැරොලිනාවද ට්‍රම්ප් ජයගත්තේය. ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදේ 11 වනවිට ට්‍රම්ප් 246 ක් හා කමලා 182 ක් දිනා ඇති අතර 270 පසුකර යන අවසාන ප්‍රතිඵලය තීරණය වනු ඇත්තේ ප්‍රාන්ත හතක් මතය.


ඒවායින් දෙකක් වූ ජෝර්ජියා ජය ට්‍රම්ප්ට ඡන්ද ලක්ෂයක් වැඩිපුර ලැබෙන ලකුණු පහළවී ඇති අතර උතුරු කැරොලයිනා ද ට්‍රම්ප් වැඩි ඡන්ද ලක්ෂ 2 කින් ජය ගත්තේය.එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 ක් ඇති අතර ඒවායින් බොහෝමයක් සෑම මැතිවරණයකදීම එකම දේශපාලන පක්ෂයට ඡන්දය දෙයි. ප්‍රාන්ත කිහිපයක්  'පලුදු ප්‍රාන්ත' ලෙස හඳුන්වනු ලබන - ඕනෑම අපේක්ෂකයෙකුට ජයග්‍රහණය කළ හැකිය.මෙම ප්‍රාන්තයන් වන්නේ නෙවාඩා, ඇරිසෝනා, උතුරු කැරොලයිනා, ජෝර්ජියා, විස්කොන්සින්, මිචිගන් සහ පෙන්සිල්වේනියා වේ.




සමස්තයක් ලෙස ඡන්ද විමසුම් ආයතන ඡන්ද 538 ක් ලබා ගත හැකිය. ඡන්ද 270 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලබා ගන්නා අපේක්ෂකයා ඊළඟ ජනාධිපති වනු ඇත. අපේක්ෂකයින් දෙදෙනාටම ඔවුන්ව ඉදිරියට ගෙන යාම සඳහා අවම වශයෙන් 'පලුදු ප්‍රාන්ත' තුනක්වත් ජයග්‍රහණය කිරීමට සිදුවනු ඇති අතර ට්‍රම්ප් දැන් දෙකක ජය හිමිකරගෙන ඇත.මුල් පිටවීමේ මත විමසුම් වලට අනුව ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථිකය ඡන්ද දායකයින්ගේ ප්‍රධාන ගැටලු වේ.

ප්‍රධාන පලුදු ප්‍රාන්තයක් වන මිචිගන් හි ඡන්ද වලින් 8% ක් පමණක් ගණන් කර ඇත. ඒ ගණනය අනුව කමලා හැරිස් 47.2% ක් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් 51ග2% ක් ලබා සිටී.
ඡන්ද ගණන් කිරීම තවමත් බොහෝ දුරට අසම්පූර්ණ වන අතර, දැනටමත් ගණන් කර ඇති ඒවායින් විශාල කොටසක් ට්‍රම්ප්ට වාසි ලෙස පෙන්නුම් කර තිබෙයි.
මේ අතර ඡන්ද ලබාදී ඇති අය සම්බන්ධ නියැදි පරීක්ෂණය අනුව වැඩිපුර පිරිමි ඡන්ද ට්‍රම්ප්ටත් වැඩිපුර ගැහැණු ඡන්ද කමලා හැරිස්ටත් ලැබී ඇති බව පෙන්වයි. වැඩිපුර සුදු ජාතික ඡන්ද ට්‍රම්ප්ට වැටෙද්දී කළුජාතික, ආසියාතික,ලතින් ඡන්ද කමලා සතු කරගෙන ඇත. වයස් කාණ්ඩ සැලකීමේදී 45-64 කාණ්ඩය ට්‍රම්ප්ට ඇල්මක් දක්වන නමුත් සෙසු සියලු කාණ්ඩ කමලා හැරිස්ට කැමැත්තෙන් පසුවන බව පෙන්නුම් කරයි.
අධ්‍යාපන මට්ටම සැලකීමේදී සියයට 57 ක් උසස් අධ්‍යාපනය සහිත අය කමලාට කැමති අතර ට්‍රම්ප්ට ආකර්ෂණය වී ඇත්තේ අඩු අධ්‍යාපන ලද කණ්ඩායමයි.
අදාළ සංඛ්‍යාලේඛන පහතින්