වකුගඩු රෝග, පාලනය කළ නොහැකි දියවැඩියාව, දැඩි විජලනය වැනි රෝගවලින් පෙළෙන රෝගීන්ගේ සංකූලතා පාලනය කිරීමට භාවිත කරන සෝඩියම් බයි කාබනේට් එන්නත්වල හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග අනාවරණය කළේය.මෙම එන්නත් හිඟය හේතුවෙන් දැඩි සත්කාරවල රෝගීන්ට සහ අවයව සැත්කම් කළ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන් දැඩි අසීරුතාවට පත්වන බව වාර්තාවේ.
දේශීයව නිපදවීම සඳහා එක්තරා සමාගමක් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අවසර ඉල්ලා යොමු කළ අයැදුම්පතට අවසරදීමට වසර දෙකක කාලයක් ගතවීම සෝඩියම් බයි කාබනේට් එන්නත හිඟවීමට බලපා ඇති ප්‍රධාන හේතුව බවද එම ආරංචිමාර්ග සඳහන් කළේය.
එම සමාගමට වෛද්‍ය සැපයුම් අංශය ඇණවුම් මෙතෙක් බාරදී නැතැයිද වාර්තාවේ.මේ අතර තවත් සමාගමක් එන්නත් දේශීයව සකස්කර ලබාදීමටත් ආනයනය කිරීමටත් ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයැදුම්පත් යොමුකර ඇතත් මෙතෙක් ඒ සඳහාද අවසරය ලැබී නැතැයි කියති
මෙම එන්නතේ අවශ්‍යතාව පිළිබඳව නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය විනෝදනි වනිගසේකර මහත්මිය මෙලෙස පැවසුවාය.මෙම ඖෂධය දැඩි සත්කාර කටයුතුවලට රෝගීන්ට ඕන වෙනවා.
සංකූලතා ඇතිවූ අවස්ථාවක රුධිර පීඩනය අඩුවූ අවස්ථාවකදී අවයව බද්ධ කිරීමකදී සෝඩියම් බයි කාබනේට් අවශ්‍ය වෙනවා.
රෝගීන්ගේ රුධිරයේ පවතින ආම්ලිකතාවය අඩු කිරිමට මෙය උපකාරී වෙනවා. මෙය එදිනෙදා අවශ්‍ය වන බෙහෙතක් නෙවෙයි.නමුත් සංකුලතා ඇතිවූ විට අවශ්‍ය වෙනවා. කඩිනමින් මෙය නොලැබුණහොත් ඉදිරි සති කිහිපයේදී අනෙකුත් බෝහල්වලත් ප්‍රතිකාර කිරීම දැඩි ව්‍යාකූලත්වයට පත්වේවි.
සුජිත් හේවාජුලිගේ
0 Comments