සිය අනියම් බිරිඳ වෙනත් පුද්ගලයෙකු හා සමීප ඇසුරක් පවත්වා ගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඇයට හා ඇගේ දරු දෙදෙනාට එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් දහතුන් හැවිරිදි පාසල් සිසුවියක මිය ගොස් මව සහ දැරියක බරපතළ කැපුම් තුවාල ලබා ඇතැයි පිළියන්දල පොලීසිය සඳහන් කරයි. පිළියන්දල, බෝකුන්දර තාවකාලිකව පදිංචිව සිටි 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක මෙසේ මියගොස් ඇති බවද පොලීසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ අගේ මව හා සහෝදරිය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කොට ඇත.
මියගිය දැරිය, 15 හැවිරිදි සහෝදරිය, මව හා ඇගේ අනියම් සැමියා සමග වසර තුනක පමණ සිට මහව සමගි පුර ප්‍රදේශයේ සිට පැමිණ පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ දෙමහල් නිවසේ ඉහළ මහලක් කුලියට ගෙන එහි වාසය කරමින් සිට තිබේ.ඉකුත් 26 දා සවස 16.40 පමණ එම කාන්තාව සේවය කරන ස්ථානයේ පුද්ගලයකු හා සමීප ඇසුරක් පවත්වාගෙන යන බව පවසමින් අඹුසැමි යුවළ අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර එහිදි මවට සිදු කරන කරදර ඉවසා ගැනීමට නොහැකිව දියණියන් දෙදෙනා එම පුද්ගලයාට බැණ වැදී තිබේ.
පසුව මේ පිළිබඳව උරන වූ එම පුද්ගලයා මුළුතැන්ගෙයි තිබූ තියුණු ආයුධයක් රැගෙන දැරියන් දෙදෙනා සිටි කාමරයට ගොස් ඔවුන්ට පහර දී තිබේ. එහිදී පහර කෑමෙන් (13) හැවිරිදි දැරියගේ ගෙල ප්‍රදේශයට තුවාල සිදුව තිබූ අතර ඇය සිහිසුන්ව ඒම ස්ථානයේ වැටි සිටියදී ඇයව බේරා ගැනීමට (15) හැවිරිදි දැරිය පැමිණ තිබේ. එම අවස්ථාවේදී සැකකරු ඇයට ද තියුණු ආයුධයෙන් පහරදී ඇති අතර ඉන් බේරීමට උත්සාහ දැරීමේදී ඇගේ වම් අතට වැදී කැපුම් තුවාල සිදුව තිබූ බව පැවසේ.එම අවස්ථාවේදි කාමරයට පැමිණි දරුවන් දෙදෙනාගේ මවට ද සැකකරු පහර දී ඇගේ හිසට හා දකුණු අතට තුවාල සිදු කර පොලීසියට භාර වන බව පවසා නිවසින් පිටව ගොස් තිබූ බව පොලීසිය සඳහන් කරයි.
ඉන් පසු නිවසේ හිමිකරුවන් හා අසල්වාසීන් එක්ව තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා වේරහැර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දහතුන් හැවිරිදි පාසල් සිසුවිය (27දා) මියගිය බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධියට සම්බන්ධ මහව, සමගිපුර ප්‍රදේශයේ පදිංචි (46) හැවිරිදි සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පවසන පොලීසිය අපරාධය සිදු කිර්මට භාවිත කළ තියුණු ආයුධය අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද සඳහන් කරයි. පිළියන්දල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
0 Comments