American-model-Sabrina-shoots-husband-kills-herself

ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ සුඛෝපභෝගී නිවසක දී සිදුවූ මිනීමැරුම් හා සියදිවි හානි සිදුවීමක් ගැන විදෙස් මාධ්‍ය තොරතුරු පළ කර තිබේ. කොසෝවෝ සම්භවයක් සහිත නිරූපිකා තරුණියක හා ඇගේ සැමියා මෙම සිදුවීමෙන් මරු දැක තිබේ.
ෆ්ලොරිඩාවේ හැලන්ඩේල් බීච් හි නිවසකදී නොවැම්බර් 27 වන දින සිදුවූ අවාසනාවන්ත මිනීමැරුම හා සියදිවි හානිකර ගැනීමේ සිද්ධියට මුහුණ පෑවේ වයස අවුරුදු 27ක් වූ සබ්රිනා ක්‍රස්නිකී නමැති නිරූපිකාව හා ඇගේ සැමියා වන වයස 34ක් වූ පජ්ටිම් ක්‍රස්නිකීය.


සබ්‍රිනා සැමියාට කිහිප වරක් වෙඩි තබා අනතුරුව සියදිවි හානි කරගෙන ඇති බව පොලිස් පරීක්ෂන අනුව තහවුරුවී ඇත. රාත්‍රී 12.30 ට පමණ අසල්වැසියන්ට ඇසුණුවෙඩි හඬවල් පිළිබඳ පැමිණිලි වලට ප්‍රතිචාර දැක්වූ පොලිසිය,  බීච් ක්ලබ් II මහල් නිවාස සංකීර්ණයේ ඔවුන්ගේ සුඛෝපභෝගී නිවසේ බැල්කනිය පරීක්ෂා කිරීමේදී මියගොස් සිටි යුවළ සොයාගෙන ඇත.



සබ්රිනා ඩ්සෆෙරොවික් යනු නිව්යෝර්ක් හි නිරූපිකාවක මෙන්ම රූපවාහිනියේ Inside Edition නමින් ප්‍රකට වැඩසටහනක වීදි හිරිහැර පිළිබඳ ඇයගේ අත්දැකීම් සම්බන්ධයෙන් මාධ්‍ය අවධානය දිනාගත් තැනැත්තියකි. ඇය සහ ඇගේ සැමියා යන දෙදෙනාම නිව්යෝර්ක් සහ කොසෝවෝවේ පෙජා යන ප්‍රදේශ සමඟ සම්බන්ධකම් පැවැත්වූ කොසෝවෝ අල්බේනියානු ජාතිකයින් වේ.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි පොලිසිය යුවළගේ මෘත දේහ සොයාගෙන ඇති අතර දෙදෙනා අතර රන්ඩුවක් එතැන සිදුව ඇති බවට නිරීක්ෂණය කර ඇත. වාර්තා වලට අනුව සබ්රිනා  තම සැමියා පජ්ටිම්ගේ පපුවට වෙඩි පහක් තබා අනතුරුව තමාටද වෙඩි තබාගෙන ඇත. අපරාධ ස්ථානයේ ටෙඩි බෙයාර් සතෙකු සහ රෝස මල් වැනි පුද්ගලික භාණ්ඩ සොයාගැනීම සිද්ධියේ ඛේදජනක ස්වභාවය තවදුරටත් තහවුරු කරයි.
මෙම සිද්ධිය ඔවුන්ගේ පවුල්වලට දැඩි ලෙස බලපා ඇත. පජ්ටිම්ගේ සහෝදරිය වන අල්බානා ක්‍රස්නිකී මුන්රෙට් සමාජ මාධ්‍ය හරහා තම දුක ප්‍රකාශ කරමින්,

සබ්රිනා තම සහෝදරයාගේ විශ්වාසය බිඳ දමා ඔවුන්ගේ පවුල විනාශ කර ඇති බව පවසා ඇත. මෙම අර්ථ විරහිත ප්‍රචණ්ඩ ක්‍රියාව නිසා ආදරණීයයන් සමඟ නොව පොලිසිය සමඟ 'තෑන්ක්ස්ගිවින් දිනය" ගත කිරීමට සිදුවූ අන්දම ඇය විස්තර කර ඇත.
බලධාරීන් මෙම මරණ මිනීමැරුමක් සහ සියදිවි හානිකර ගැනීමක් ලෙස වර්ගීකරණය කර ඇති නමුත් වෙඩි තැබීමට තුඩු දුන් හේතු තවමත් විමර්ශනය කරමින් සිටී. විවාහ බාහිර සබඳතා පිළිබඳ චෝදනා ඇතුළු විවිධ අනුමාන මතු වී ඇතත්, තවමත් කිසිදු නිශ්චිත හේතුවක් තහවුරු වී නොමැත.