දකුණු කොරියානු අධිකරණයක් අඟහරුවාදා දින හමුදා නීතිය පැනවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ තනතුරෙන් තාවකාලිකව ඉවත් කරන ලද ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමට අනුමැතිය ලබා දුන් අතර, මෙය රටේ සිටින ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීමට සිදු වූ පළමු අවස්ථාව ලෙස රොයිටර් වාර්තා කරයි.
ඉහළ පෙළේ නිලධාරීන්ගේ දූෂණ විමර්ශන කාර්යාලය (CIO) සඳහන් කළේ සියෝල් බටහිර දිස්ත්‍රික් අධිකරණය යූන්ගේ කෙටි කාලීන හමුදා නීති පැනවීම පිළිබඳව පරීක්ෂණ පවත්වන පරීක්ෂකයන් විසින් ඉල්ලා සිටි අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අනුමත කර ඇති බවයි.
යූන්ට චෝදනා එල්ල වී ඇත්තේ කැරලි නායකත්වය දැරීම සම්බන්ධයෙන් වන අතර, එය දකුණු කොරියානු ජනාධිපතිවරයෙකුට පාර්ලිමේන්තු වරප්‍රසාද නොලැබෙන එකම අපරාධ චෝදනාවලින් එකකි. ඊට අමතරව, ඔහුගේ දෝෂාභියෝගය ව්යවස්ථාධිකරණයේ විභාග වෙමින් පවතී.
ධුරයේ සිටින ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව පූර්වාදර්ශයක් නොමැති එකක් වන අතර, එය ආසියාවේ සිව්වන විශාලතම ආර්ථිකය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන සහකරුවෙකු වන දකුණු කොරියාව මුහුණ දී සිටින දේශපාලන අර්බුදය තවදුරටත් අහාරුවේ දැමීමක් ලෙස විශ්ලේෂකයින් පෙන්වාදී ඇත.
යූන්ගේ තාවකාලික අනුප්‍රාප්තිකයා ලෙස පත් වූ අගමැති හාන් ඩක්-සූ ද විපක්ෂය විසින් පාලනය කරනු ලබන පාර්ලිමේන්තුව විසින් දෝෂාභියෝගයට ලක් කර ඇත.
හාන්ගේ ඉවත් කිරීමෙන් පසු තාවකාලික ජනාධිපති ලෙස පත් වූ මුදල් ඇමති චොයි සැං-මොක්, දකුණු කොරියානු භූමියේ සිදු වූ මරණීය ගුවන් අනතුරු අතරින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ ජෙජු එයාර් 7C2216 ගුවන් යානය බිම ඇද වැටීමෙන් පුද්ගලයින් 179 දෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටී.
වරෙන්තුව ජනවාරි 6 වන තෙක් වලංගු වන අතර, එය ක්‍රියාත්මක කිරීමෙන් පසු යූන් සියෝල් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට නියමිත බව යොන්හාප් පුවත් සේවය වාර්තා කරයි.
පදවියෙන් ඉවත් කරන ලද ජනාධිපතිවරයාගේ නීතිඥ යූන් කැබ්-කුන් පවසා ඇත්තේ දකුණු කොරියානු නීතිය යටතේ CIO හට වරෙන්තුවක් ඉල්ලා සිටීමට බලයක් නොමැති බැවින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නීති විරෝධී හා අවලංගු බවයි.
ජනාධිපතිවරයාගේ නීති කණ්ඩායම වරෙන්තුව නැවැත්වීම සඳහා ව්යවස්ථාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන බව ඔහු පැවසීය.
0 Comments