පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක පුවත් මැවූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා තමන් නියෝජනය කරන යාපන දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවක ප්‍රශ්නයක් විසඳීමට බලෙන් මැදිහත්වීම නිසා නැවත කථාබහට ලක්ව තිබේ.
ඔහු අද (09) සවස යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළු වී සේවකයින් පිරිවරාගෙන ගමන් කරමින් පරිපාලනය සමග වාද කරමින් නොසන්සුව හැසිරුණ බැවින් තත්වය පාලනය කිරීමට රෝහල් අධ්යක්ෂ යාපනය පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකොට ඇතැයි වාර්තාවේ.
රෝහල් අධ්යක්ෂ ටී. සත්‍යමූර්ති මහතා කියන්නේ මන්ත්‍රීවරයා රෝහලට පැමිණ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ රාජකාරීවලට බාධා වන අන්දමින් හැසිරුණ බවයි.
පොලීසිය පැවැසුවේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග මන්ත්‍රී රාමාදන් අර්චුනා මහතා බහින් බස් වී ඇති බවයි.
පොලිසිය පැමිණ මන්ත්‍රීවරයාව එම ස්ථානයෙන් ඉවත් කරගෙන ගොස් ඇතැයිද වාර්තා විය.
මේ අතර තමා රෝහල වෙත පැමිණියේ මන්ත්‍රීවරයෙකු සතු වගකීම ඉටු කරන්නට සේවක ප්‍රශ්නයක් විසඳීමට බව වෛද්‍ය රාමනාදන් අර්චුනා කියා තිබේ.
වෛද්‍ය අර්චුනා දමිළ පුවත් සේවාවන් අමතා පැවසුවේ මෙසේය.
"සෞඛ්‍ය ස්වේච්ඡා සේවකයන්ගේ ආරාධනයකට අනුව තමයි මං රෝහලට ගියේ. මං මේ දිස්ත්‍රික්කෙ මන්ත්‍රීවරයෙක් ඒ වගේම සෞඛ්‍යයට සම්බන්ධයි. ඉතිං ඒ අයගේ පිහිටට මාව අවශ්‍යයි ඒ නිසයි මං ප්‍රශ්නෙ දැනගන්න ගියේ.
මට ඔවුන් එක්ක කතා කරද්දි දැනගන්න ලැබුණා ස්වේච්ඡා සෞඛ්‍ය සේවකයින්ට ස්ථීර පත්වීම් ලබා දෙන බවට පවසා ඇතත් ලබාදී ඇති පොරොන්දුව බොරුවක් බව. ඔවුන්ට රෝහල් පරිපාලනය වංචා කර තිබෙනවා.
ඒවගේම මට දැනගන්න ලැබුණා
අවුරුදු 3ක් වැඩ කරපු අයට පඩි දීලා තියෙන්නේ මාස 5යි.
සෞඛ්‍ය සේවකයන් මට මේවා ගැන පැමිණිලි කළා. ඒ අනුව මම ඔවුන් වෙනුවෙන් රෝහලට ගියා. මං කලබල කරේ නැහැ. ඒත් වැරදි දේ ගැන ප්‍රශ්න කළා. එච්චරයි. මේ විදියට අසාධරණය වුණ සේවකයින් 170 ක් ඉන්නවා. ඔවුන් මට ලිඛිතව මේ ගැටලුව දන්වා තිබෙනවා.
රෝහල් අධ්යක්ෂ වරයා මේ ආකාරයට ඔවුන් පැමිණිලි කරාටත් කැමති නැහැ. ඔහු විනය පරීක්ෂණ ගන්නව කියල කියනවා. එහෙම විනය ක්‍රියමාර්ග ගන්න ගියොත් මං සියලු නීතිමය ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව හරහා ගන්නවා."
යාපනය දිස්ත්‍රික්කයේ ස්වාධීන මන්ත්‍රී අරුචුනා මහතා පසුව සමාජ මාධ්‍ය තුළද මේ ගැන සටහනක් තබා ඇති අතර මෙම ගැටලුවට අදාළ පැමිණිලි තමාගේ
drarjunaa@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ 0761071065 දුරකථන අංකයට එවිය හැකි බවද සටහන් කර තිබේ.
0 Comments