The-fear-in-the-country-regarding-the-distribution-of-medicines-must-be-eliminated-Chairman-of-the-State-Pharmaceuticals-Corporation

රජයේ රෝහල් තුළ පසු­ගිය කාලයේ ඖෂධ බෙදා­හැ­රීම සම්බ­න්ධ­යෙන් පැවති විවිධ මත­වාද සහ රට තුළ පව­තින අස්ථාන බිය තුරන් කළ යුතු බව රාජ්‍ය ඖෂධ නීති­ගත සංස්ථාවේ සභා­පති විශේ­ෂඥ වෛද්‍ය මනෝජ් වීර­සිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැව­සුවේ රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේන්තු ශ්‍රව­ණා­ගා­ර­යේදී  පැවැති මාධ්‍ය සාක­ච්ඡා­ව­කට එක් වෙමිනි.

සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය සංවි­ධාන කරනු ලැබූ මෙම සාක­ච්ඡා­වේදී ඖෂධ සැප­යුම් ජාලය සහ එහි වත්මන් ක්‍රියා­කා­රී­ත්වය පිළි­බ­ඳව මහ­ජ­න­තාව දැනු­ම්වත් කිරීම සිදු විය.
එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ රාජ්‍ය ඖෂධ නීති­ගත සංස්ථාවේ සභා­පති විශේ­ෂඥ වෛද්‍ය මනෝජ් වීර­සිංහ මහතා මෙසේද පැව­සීය.



පසු­ගිය කාලය තුළ රජයේ රෝහල් තුළ ඖෂධ බෙදා­හැ­රීම සම්බ­න්ධ­යෙන් විවිධ මත­වාද පැව­තියා. ඒවායේ ගැටලු තිබුණා. දුර්මත තිබුණා. ඇතැම් තොර­තුරු විකෘති කර තිබුණා. ඇත්ත නොදැන පළවූ වාර්තාත් අපි දැක්කා. මේ සිය­ල්ලම තෙරෙහි අපි අව­ධා­නය යොමු කළා. ඖෂධ තක­සේරු කිරීම හා ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලි­යක් සිදු වෙනවා. ඖෂධ ඉහළ තත්ත්ව පාල­න­ය­කට ලක්වන ක්ෂේත්‍ර­යක්. මේ ක්‍රියා­වලි සම්බ­න්ධ­යෙන් අපේ අව­ධා­නය යොමුව තිබෙ­නවා. අපිට රට­තුළ තිබෙන අස්ථාන බිය තුරන් කළ යුතු වෙනවා. 1956 සිට ලංකාවේ ඖෂධ බෙදා­හැ­රීම සම්බ­න්ධ­යෙන් තිබුණු තත්ත්වය අපි දන්නවා. 1971න් පසුව එය වෙනස් වුණා. රජයේ ඖෂධ ආන­ය­නය, බෙදා­හැ­රීම සහ නියා­මන ක්‍රියා­ව­ලිය ස්ථිර මාව­ත­කට පැමි­ණෙන්නේ රාජ්‍ය ඖෂධ සංස්ථාව ඇති කිරීම සහ අනෙ­කුත් ආය­තන ශක්ති­මත් කිරීම නිසයි.

ගුණා­ත්මක ඖෂධ සාධා­රණ මිල­කට මිල­දී­ගෙන ආණ්ඩුව සඳහා ලබා දෙනවා. ඔසු­සල් මාර්ග­යෙන් පාරි­භෝ­ගි­ක­යන්ට සාධා­රණ මිල­කට ලබා­දෙ­නවා. ඒ අර­මුණ ඉටු­කර ගන්න මේ ක්‍රියා­ව­ලිය සිදු වෙනවා. එය ලෙහෙසි ක්‍රියා­වක් නොවෙයි. ලංකාවේ 2200 ට වැඩි ආය­තන තිබෙ­නවා ඖෂධ ගෙන්වන තැන්. ඒ සිය­ලුම තැන්ව­ලින් වස­ර­කට වරක් තක්සේ­රු­වක් ගන්නවා කුමන ඖෂධ වැඩි­පුර අවශ්‍ය වන්නේ ද යන්න සම්බ­න්ධ­යෙන්. ඒවායේ සියලු තොර­තුරු කොළඹ වෛද්‍ය සැප­යුම් අංශ­යට ලබා­දෙ­නවා. එයින් පසුව මාස දෙකක් ඇතු­ළත වෛද්‍ය සැප­යුම් අංශ­යෙන් ලංකා­වට අවශ්‍ය ඖෂධ සම්පි­ණ්ඩ­නය කර­නවා. ඒ ඖෂධ ලැයිස්තු රාජ්‍ය ඖෂධ සංස්ථාව වෙත ඇණ­වුම් වශ­යෙන් ලබා දෙනවා. ඒ ලැයිස්තු දුන් පසුව දීර්ඝ ක්‍රියා­ව­ලි­යක් යටතේ කට­යුතු සිදු වෙනවා. එයින් පසුව ඖෂධ ආන­ය­නය කර­නවා.



මෙය ඉතාම සංකීර්ණ ක්‍රියා­ව­ලි­යක්. වසර එක­හ­මා­ර­කට දෙක­කට පෙර ඖෂධ ආන­ය­නය සිදු­ක­ර­නවා. ඖෂධ 862ක් ලැයි­ස්තු­ගත වෙනවා. එයින් 620ක් ප්‍රමු­ඛතා ලැයි­ස්තු­වට ඇතු­ළත් වෙනවා. විද්‍යා­ගා­ර­වල අව­ශ්‍යතා අනුව 12404ක් අයි­තම තිබෙ­නවා. මේක විශාල කාර්ය­යක්. තත්ත්ව පාල­න­යක් යටතේ එය සිදු­වෙ­නවා. මේ වෙනු­වෙන් විශේ­ෂිත දත්ත ප්‍රමා­ණ­යක් අවශ්‍ය වෙනවා. ඒ සියල්ල අව­සා­නයේ ලංසු තැබීම සඳහා ආරා­ධනා කර­නවා. දින 42ක් පමණ යනවා ලංසු­වක් විවෘත කරන්න. ඒ වෙනු­වෙන් ලොකු කාල­යක් යනවා. ඒ අනුව තාක්ෂ­ණික කමි­ටුව අවශ්‍ය ලංසුව තීර­ණය කර­නවා. එය ටෙන්ඩර් මණ්ඩ­ල­යට ලැබෙ­නවා. එයින් පසුව තීර­ණය කළ පසුව දින 180ක් පමණ යනවා ඒ ඖෂධ ලබා­ගන්න. මෙවැනි ඖෂ­ධ­වල කල් ඉකු­ත්වීමේ දින­යක් තිබෙ­නවා. ඒවා නිෂ්පා­ද­නය කරන්න යම්කිසි කාල­යක් ගත­වෙ­නවා.

ලංකාවේ ඖෂධ සඳහා ලියා­ප­දිංචි වූ සැප­යු­ම්ක­රු­වන් නැහැ. බාල බෙහෙත් කියලා ලෝකයේ කොහෙ­වත් නැහැ. ඒක සම්පූර්ණ මිථ්‍යා­වක්. ඒක මේ රටේ ඉතාම බර­ප­තළ ලෙස සමා­ජ­ගත කර තිබෙ­නවා. ඖෂධ කර්මා­න්තය කියන්නේ ගුවන් යානා කර්මා­න්ත­යට දෙවැනි වන තත්ත්ව පාලන සහ­තික තිබෙන ආය­ත­න­යක්. ඉතා ඉහළ මිල ගණ­න්ව­ලට තමයි ලංසු එන්නේ.
(නෙත්මි පූජනී රත්නා­යක)