දුම්කොළ 22ක් සහිත පාර්සලයක් කොළඹ කොටුව විවෘත මහේස්ත්රාත් අධිකරණයේදී අධිකරණ සිර මැදිරියට වීසි කළ කාන්තාවක් ලබන 16 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ 10 නියෝග කළාය.
සැකකාර කාන්තාවගෙන් ප්‍රකාශ ලබා ගත් බවත් ඇය පුරුද්දක් ලෙස මෙලෙස කටයුතු කරනවාද ජාවාරම්කරුවෙකු වෙනුවෙන් කටයුතු කරනවාද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බැවින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ කොම්පඤ්ඤවීදිය පදිංචි ජසින්තා මාග්‍රට් නැමැති 60 හැවිරිදි කාන්තාවකි.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරියෙකුගෙන් ප්‍රකාශ ගෙන ඇති බවත් සිර මැදිරිය තුළ රඳවා සිටි දිනේෂ් සංජය නමැති අයෙකුට මෙම පාර්සලය විසි කර ඇති බව විමර්ශන මගින් අනාවරණය කළ බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
අධිකරණයට ඇය පැමිණ ඇත්තේ නීතිඥවරයෙකුගේ දුරකතන අංකය ලබා ගැනීමට බවට ප්‍රකාශ ලබා දී ඇත.
පෙරේදා (09) දහවල් අධිකරණ කටයුතු සිදුවෙමින් පවතිද්දී මෙම දුම්කොළ සහිත පාර්සලය සිර මැදිරිය වෙත වීසි කර තිබුණි.
කොටුව මහේස්ත්රාත් තනූජා ලක්මාලි මහත්මිය එම අවස්ථාවේ නඩු කටයුතු මෙහෙයවමින් සිටි අතර අධිකරණයේ සිටි බන්ධනාගාර නිලධාරීන් නොසන්සුන් වීම හේතුවෙන් ඒ බව විමසා සිටි අතර එහිදී සැකකාර කාන්තාව අධිකරණයෙන් පිටතට යමින් සිටි ඇත. එහිදී අධිකරණ නියෝග ප්රකාරව ඇය අත්අඩංගුවට ගනු ලැබුවාය.
(සුභාෂිණී සේනානායක)
0 Comments