මේ දිනවල ව්‍යාජ 'ආචාර්ය' පට්ටම් ව්‍යාජ 'ඉංජිනේරු' පට්ටම් ආදිය ගැන කථාබහ යන අතරේ 1973 න් පසු කිසිවෙකුට පිරිනොනමන 'අධිනීතිඥ' යනනාමය අවභාවිතා කරමින් ඇතැමුන් මහමැතිවරණයේදී ජනතා මනාපය ඉල්ලා තිබෙන බවද කථාබහට ලක්ව තිබේ.
1973 සම්මතවූ පනතකින් පසු ශ්‍රී ලංකාවේ නීතීඥයින්ට 'අධිනීතීඥ' යන නාමයෙන් කිසිවිට හැදින්විය ​නොහැකිය. 1973 ට පෙර එම පට්ටම ලැබූ අය එය භාවිත කිරීම වරදක් නැතත් ඉන්පසු නීතීඥයින් වූ අයට එය අයිති නැත.නමුත් අජිත් පී.පෙරේරා (උපත 1967), නවින් දිසානායක (උපත 1969), චමින්ද්‍රානි කිරිඇල්ල (උපත 1976) ඇතුළු කිහිපදෙනෙකුම මහමැතිවරණ ප්‍රචාරණ වලදී තමන් අධිනීතීඥවරුන් ලෙස හදුන්වා ඇති බව හදුනාගන්නට ලැබෙයි.

1973 අංක 44 දරණ යුක්තිය පසිඳලීමේ පනතේ 36 (1) හා (3) වන වගන්තිය මගින් ඒ දක්වා අද්වකාත් (අධිනීතීඥ) හා පෙරකදෝරු නම් සියල්ල වෙනුවට නීතීඥ යන්න හඳුන්වාදී ඇත. එහි කියා ඇත්තේ,
"(1) Every person who on the day preceding the appointed date was an advocate or proctor of the Supreme Court shall be deemed to have been admitted and enrolled as an attorney-at-law of the Supreme Court under this Law.
(3) Every reference in any other existing written law to an advocate or proctor shall be read and construed as a reference to an attorney-at-law."
මෙම වගන්තිය අනුව එම පනත පැනවීමට පෙර අද්වකාත් හෝ ප්රොක්ටර් කෙනකු ලෙස කටයුතු කළ තැනැත්තන්, පනත බලාත්මක වූ 1973 දිනයෙන් පසුව "නීතිඥවරයා (Attorney-at-Law)" ලෙස හැදින්විය යුතුය.1975 අංක 25 දරණ යුක්තිය පසිඳලීමේ (සංශෝධන) පනතේ 2 වන වගන්තිය අනුව එතෙක් බලාත්මකව පැවති 1889 අංක 2 දරණ සිවිල් නඩු විධාන සංග්රහය අවලංගු කර ඇති අතර ඉන්පසු  1977 අංක 20 දරණ සිවිල් නඩු විධාන සංග්රහය (සංශෝධන) පනතේ 126 වගන්තියෙන්, සිවිල් නඩු විධාන සංග්රහයේ යෙදෙන ඇතැම් පද අර්ථ නිරුපණය කළ යුත්තේ කෙසේද යන්න දක්වා ඇත.එහි ​(ආ) කොටසින් මෙසේ කියයි.
(ආ) අධිනීතිඥවරයකු සම්බන්ධයෙන් වූ සෑම සඳහනක් ම ලේඛනගත නීතිඥවරයකු විසින් උපදෙස් දෙනු ලැබූ නීතිඥවරයකු සම්බන්ධයෙන් කරන ලද සඳහනක් ලෙස අර්ථ නිරුපණය කළ යුතු ය."




එම නිසා කිසිවිටෙකත් සිවිල් නඩු විධාන සංග්රහය පනතේ දැක්වෙන "අධිනීතිඥ", "අද්වකාත්" යන සිංහල වචනවල ඉංග්රීසි අර්ථය "counsel" යන්න ලෙස තේරුම් නොගත යුතු බව දැක්වේ.
ඒ අනුව අවසාන වශයෙන් පැහැදිලි වන්නේ විවිධ වචනවලින් හැඳින්වුවද, වර්තමානයේ පවතින නීතිමය තත්ත්වය අනුව සියලුම දෙනා නීතිඥවරුන් (attorneys-at-law) වන බව යි. සිවිල් නඩු විධාන සංග්රහය පනතේ V වන පරීච්චේදය යටතේ පත් කරනු ලැබූ විට පමණක් එම නීතිඥවරයා "ලේඛනගත නීතිඥ (registered attorney)" ලෙස හැඳින්වේ.


නීතිමය ප්රතිපාදන අනුව සියලුම දෙනා නීතිඥවරුන් (attorneys-at-law) ලෙස හැඳින්වුව ද ප්රයෝගිකව, සම්ප්රදායික ව; වෘත්තියට නවක වූ නීතිඥවරුන් කනිෂ්ට නීතිඥවරුන් (junior attorneys-at-law/ junior lawyers) ලෙසත්, වෘත්තියට පිවිස අවුරුදු 10 කට වැඩි වූ නීතිඥවරුන් ජ්යේෂ්ට නීතිඥවරුන් (senior attorneys-at-law/ senior lawyers) ලෙසත් හැඳින්වේ.
තව ද ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 33 (2) (ඉ) ව්යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් පත් කරන "ජනාධිපති නීතිඥවරු/ President’s Counsel" ද සිටිති.
වත්මන් මන්ත්‍රීවරුන් වන අජිත් පී පෙරේරා හා චමින්ද්‍රානි කිරිඇල්ල පාර්ලිමේන්තු වෙබ් අඩවිය මගින් අධිනීතීඥ යනුවෙන් හඳුන්වා නැත. එසේම 2017-2020 දක්වා පාර්ලිමේන්තුවේ සිටි නවින් දිසානායකද අධිනීතීඥ නාමයකින් පාර්ලිමේන්තුවේ හදුන්වා නැත.