aids-day-celebration

අද (1)ට යෙදී ඇති ජාත්‍යන්තර ඒඩ්ස් දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ජාතික සැමරුම් උත්සවයක් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලුමුවදොර පිටියේදී පවත්වනු ලැබීය.

අයිතීන් සුරකිමු – ඒඩ්ස් නවතමු යන්න තේමා කර ගනිමින් මෙවර සැමරුම් උළෙල සංවිධානය කර තිබිණි.



මෙම සැමරුම් උළෙලට සමගාමීව පාගමනක්, ඒඩ්ස් රෝගය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක්, රෝගය පාලනය සහ ඊට අදාළව කටයුතු කරන පාර්ශවයන් සදහා කොන්ඩම් ඩිස්පෙන්සර්ස බෙදා දීම මෙන්ම පාගමනේ ආරම්භය සංකේතවත් කරමින් ගෑස් බැලුන් උඩ යැවීමේ වැඩසටහනක්ද සිදුකරනු ලැබීය.

ජනතාව ඇනුවත් කිරීමේ අරමුණින් ආරම්භ කළ විශේෂ පාගමන ගොල්ෆේස් පිටිය, ගාලු පාර, කොල්ලුපිටිය, ලිබර්ටි වටරවුම, නගරශාලා වටරවුම, රෝහල් චතුරස්‍රය, අක්ෂි රෝහල, පසු කරමින් ද සේරම් පෙදෙස, ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන කාර්යාලය දක්වා ගමන් කරන ලදී.