ලෝකයේ සියල්ල විකුණන වෙළඳසැලක් ලෙස තමන් හඳුන්වා ගන්නා ඇමසන් සමාගම එසේ කියන නමුත්, තවමත් සර්වග්රාහී නොවූ වෙළඳපොළවල් තිබේ. ඉන් එකක් වන්නේ වාහන අලවියයි.
සඳුදා දින මෙම ඊ-කොමර්ස් යෝධයා 'ඇමසන් ඔටෝස්' දියත් කළේය. මෙය ඔවුන්ගේ ව්‍යාපාරයේ නව අංශයක් වන අතර එමගින් විවිධ රථ වාහන ආයතන වලින් මෝටර් රථ මිලදී ගැනීමට ඉඩ සලසයි. ආරම්භයේදී, ඔවුන් හුන්ඩායි රථ පමණක් මිලදී ගත හැකි ලෙස ගිවිසුමකට එලැඹ ඇත, වෙළෙඳපොළ ආරංචි පවස්නේ ඇමසන් එක් සන්නාමයකට පමණක් සීමා නොවනු ඇති බවය.
ගතවූ කාලය තුළ එක්සත් ජනපද මෝටර් රථ ආයතන දුෂ්කර වසරක් ගත කර ඇත: ඉල්ලුම අඩු වීම හේතුවෙන් ගිම්හානයේදී බොහෝ නිෂ්පාදකයින් සහ ඩීලර්වරුන් මිල අඩු කිරීමට පෙළඹුණු අතර,
ඊට අමතරව සයිබර් ප්‍රහාරයක් දහස් ගණනක් ඩීලර්වරුන්ට බලපෑවේය. ඇන්ඩර්සන් ආර්ථික වාර්තාව අනුව කර්මාන්තයට ඩොලර් බිලියන 1කට වැඩි පාඩුවක් සිදු විය.
වසංගත සමයේදී මාර්ගගතව මෝටර් රථ මිලදී ගැනීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබුණද, එම ප්‍රවණතාව එතරම් පවත්වා ගැනීමට නොහැකි වී ඇත්තේ අන්තර්ජාලය හරහා පමණක් මෝටර් රථ විකුණන සමාගම්වලට එන්ජින් ගැටලු ඇතුලු විවිධ ප්‍රශ්න ඇති වී තිබුණ නිසාය.
ඇමසන් මේ අවස්ථාවේ පැමිණියේ ඒ සියල්ල දැනගෙනය. පසුගිය වසරේ සිටම සමාගම මෝටර් රථ පිළිබඳව උනන්දුවක් දක්වන බව පෙන්නුම් කළ බව වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසා තිබේ.
ඇමසන්, සිය සම්ප්‍රදායට අනුව, වෙළඳපොළ ආකෘතිය අනුගමනය කරමින්, මෝටර් රථ මිලදී ගැනීම හා විකිණීම වෙනුවට හුන්ඩායි සමාගමට තම වේදිකාව හරහා මෝටර් රථ විකිණීමට ඉඩ සලසයි. මෙම නව සේවාවේ විශේෂත්වය වන්නේ ඇමසන් විසින් අපේක්ෂිත ගැනුම්කරුවන්ට සියලු මූල්‍ය ලේඛන මාර්ගගතව සම්පූර්ණ කිරීමට ඉඩ සැලසීමයි.
මාර්ගගත ආකෘතියක් සමඟ සාර්ථකත්වයක් ලැබූ එක් මෝටර් රථ නිෂ්පාදකයෙක් නම් ටෙස්ලාය. මෙම විද්‍යුත් වාහන යෝධයා සෑම විටම සෘජු විකුණුම් ප්‍රවේශයක් අනුගමනය කර ඇති අතර එසේ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් සටන් කර ඇත. පාරිභෝගිකයාට සෘජුව මෝටර් රථ විකිණීම තහනම් කරන ඇමරිකානු ප්‍රාන්ත ඔවුනගේ නීති අභියෝගයට ලක් කර ඇත.
0 Comments