නැන්දම්මාගේ හත්දවස දානමය පින්කමට අවශ්‍ය බඩු මුට්ටු රැගෙන ඒමට සැමියා සමඟ යතුරුපැදියකින් වෙළෙඳපොළට ගොස් නිවස බලා ගමන් කරමින් සිටි කාන්තාවක් යතුරුපැදියෙන් විසිවී මගී බස් රථයක ගැටී ඒ ස්ථානයේදීම මියගොස් ඇත. ධාවනය වෙමින් තිබුණු යතුරුපැදිය ඉදිරි පසින් මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයකු අනතුරට
ලක්නොකර බේරීමට සැමියා විසින් යතුරුපැදිය ඉවතට හැරවීමේදි කාන්තාව විසිවී ගොස් බස් රියේ පසුපස රෝදයකට යටවී ඇතැයි පොලීසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ අංගොඩ කැලණිමුල්ලේ පදිංචිව සිටි සරෝජිනි තුෂාරි සුමිත්‍රා නමැති 48 හැවිරිදි එක්දරු මවකි.මේ අවාසනාවන්ත අනතුර සිදුව තිබුණේ කොටිකාවත්ත හන්දිය ආසන්නයේදී පෙරේදාය.අනතුර සිදුවූ බස් රථය පිටකොටුවේ සිට හැටන් බලා ධාවනය වෙමින් තිබු ලංගම බසයකි.
මියගිය කාන්තාවගේ හිසට බරපතළ තුවාල සිදුවීම හේතුවෙන් දේහය තැන්පත් කළ පෙට්ටිය මුද්‍රා තබා තිබේ.
(මුල්ලේරියාව සිරිසේන ගමගේ)
0 Comments