සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සම්බන්ධයෙන් තීරණය ගෙන ඇති අතර ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් එම පත්කිරීමට අදාල ලිපිය වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) භාරදෙන ලදී.
පසුගිය කොරෝනා වසංගත සමයේදී සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වරයා වශයෙන් සුවිශේෂ කාර්යභාරයක් කරමින් සිටි ජාසිංහ මහතා එක් වරම අනපේක්ෂිත ලෙස තනතුරු මාරුවකට ලක්වූ පසු එම ක්ෂෙත්රයේ පෙනී නොසිටියේය. ඔහු පසුව පරිසර අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළේය.
ඔහුව නැවත පෙර තනතුරට පත්කරන්නැයි පාර්ලිමේන්තුවේ පවා ඉල්ලීම් සිදුකළත් එය ඉටු නොවිණි.
නව රජය යටතේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ භාරධූර තනතුරක් ඔහුට හිමිව ඇත.
0 Comments