ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ කුමන තරාතිරමක පුද්ගලයෙකු වුවද වරදක් සිදු කර ඇත්නම් ඊට එරෙහිව නිසි පියවර ගන්නා බවයි. ජනතාව තැබූ විශ්වාසය කිසිදු ආකාරයකින් බිඳ දැමීමට ඉඩ නොතබන බවද ඔහු අවධාරණය කරයි.
අද (13) උදෑසන රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
රජයේ වගකිව යුත්තන් වුවද වැරදි සිදු කර ඇත්නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව පැවසීය.
"දශක හතකට වැඩි කාලයක් තිස්සේ මේ රටේ ජනතාව විවිධ ආණ්ඩු බිහි කළා. ප්‍රථම වරට ජනතාව අවස්ථා දෙකකදී අපට හා ජාතික ජන බලවේගයට ලබා දුන් ඓතිහාසික ජනවරමේ වටිනාකම අපි හොඳින් වටහාගෙන සිටිනවා," යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.
තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, "රට තුළ වැරදි කරන කිසිවෙකු, කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට අපේ ආණ්ඩුව සූදානම් නැහැ. රජය තුළ හෝ රටේ කවර තරාතිරමක පුද්ගලයෙකු වුවද වැරැද්දක් කරනවා නම් ඊට එරෙහිව වහාම ක්‍රියාමාර්ග ගැනීමට අපි පැකිළෙන්නේ නැහැ," යනුවෙන් අවධාරණය කළේය.
දශක හතක් තිස්සේ රැවටීමට ලක් වූ ජනතාව තම රජය කෙරෙහි තබා ඇති විශ්වාසය සුරක්ෂිත කිරීමට සහ රට වඩාත් යහපත් දිශාවකට ගෙන යාමට කොන්දේසි විරහිතව කැප වන බවද ජනාධිපතිවරයා අවසානයේ සඳහන් කළේය.
0 Comments