ආණ්ඩුව අභ්‍යන්තරයේ බරපතළ ප්‍රශ්න ගණනාවක් පැන නැගී තිබේ. ආණ්ඩුවේම ඔවුනොවුන් නොහඳුනන බවක් පැවතීම මෙම ප්‍රශ්න උත්සන්න වීමටත් හේතුවකි. ජාතික ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පාර්ලිමේන්තු භෝජනාගාරයට ගියේ තේ පානයටය.
ඔහු තේ පානය කරමින් සිටින තැනට සමගි ජන බලවේගයේ නවක මන්ත්‍රීවරයකු වන චිත්‍රාල් ප්‍රනාන්දු පැමිණියේය.
"මම ඔයාගේ හොඳ රසිකයෙක්” චිත්‍රාල් ප්‍රනාන්දු දෑත දිගු කරමින් කීවේය.
"සතුටුයි මචං" ජගත් මනුවර්ණ ද කීවේය. ඔවුන් දෙදෙනා කතා කරමින් සිටි තැනට මාලිමාවේ නවක මන්ත්‍රීවරු තුන් හතර දෙනෙක් පැමිණියහ.
කතාබහ රටේ අලුත් තත්වය සම්බන්ධ දේශපාලන සංවාදයක් බවට පත්විය. හාල් හිඟය, පොල් හිඟය ගැන කතාබහ දික්ගැස්සෙමින් තිබිණි. එම සාකච්ඡාව ජාතික ජනබලවේගයේ අභ්‍යන්තර සාකච්ඡාවක් බඳුවිය. වැඩේ අවුල්වීගෙන එන බව චිත්‍රාල් ප්රතාන්දු මන්ත්‍රිවරයාට තේරුම් ගියේය.
"මම යන්නම්.... ඔය ගොල්ලන්ගේ පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාව මම ඉන්න එක හරි නෑ නේ." චිත්‍රාල් ප්රතාන්දු කීවේය.
"ඇයි ඔයා එන්.පී.පී. නොවේද?
මාලිමා මන්ත්‍රීවරයෙක් කලබලයෙන් ඇසුවේය.
"නැහැ. මම SJB චිත්‍රාල් හනිකට කියා එතැනින් නික්මී ගියේය.
කතානායක අශෝක රංවලගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් බරපතළ සංවාදයක් නිර්මාණය වී තිබේ.
ආචාර්ය උපාධියක් රංවලට නෑ. සමහරු එසේ කියති.
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ ඔහුගේ නම ඉදිරියෙන් තිබූ ආචාර්ය කෑල්ල ද හැලී ගොස් තිබේ.
"කතානායකතුමා ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී ප්‍රකාශයක් කරනවා” කැබිනට් තොරතුරු දැනුමදීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය නලින්ද ජයතිස්ස හෙමින් සීරුවේ ලිස්සා ගියේ එහෙම කියමිනි.
යාපනයෙන් ආ ස්වාධීන මන්ත්‍රී අර්ජුනා මන්ත්‍රීවරයාගේ ක්‍රියා කලාපය මේ වනවිට බොහෝ ප්‍රශ්නාර්ථ නගන්නක් වී තිබේ.
අර්ජුනා මන්ත්‍රීවරයා ආධුනික මන්ත්‍රීවරුන් සඳහා පවත්වන ලද වැඩමුළුවේදී ද කැපී පෙනෙන ප්‍රශ්න කීපයක් ඇතිකර ගත්තේය. මේ නිසා සභානායක බිමල් රත්නායක ඔහුට කීප වාරයක්ම අවවාද කළේ අතවශ්‍ය ප්‍රශ්න අති නොකර මහජන නියෝජිතයකුට ගැළපෙන පරිදි හා තමන්ගේ උගත්කමට ගැළපෙන පරිදි කය, වචනය සංවර කරගන්නා ලෙසයි. එහෙත් ඔහුට අමාරුම කාරණාව වූයේද එයයි.
පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී හවස දෙකට පමණ අච්චුතා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ පළමු මහලේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට ගියේය.
ඒ මොහොතේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සිටියේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් හා විශේෂ සාකච්ඡාවක නිරත වෙමිනි. ජේ.සී. අලවතුවල හා සුජිත් සංජය මන්ත්‍රීවරුද විපක්ෂ නායකවරයා හමුවීමට පැමිණ සිටි අතර විපක්ෂ නායක ලේකම් සුරංග රණසිංහ සමග ආ ගිය තොරතුරු කතා කරමින් සිටියහ.
කිසිත් ගරුසරුවක් නැතුව විපක්ෂ නායක කාර්යාලයට ඇතුළු වූ අර්ජුනා එහි සිටි වෙනත් සේවකයෙක් අමතා “මට විපක්ෂනායක හම්බවෙන්න ඕන..'' යැයි කීවේය. සේවකයා ඔහුව යොමුකළේ විපක්ෂ නායක ලේකම් සුරංග රණසිංහ ළඟටය.
‘මට විපක්ෂ නායක හම්බවෙන්න ඕන. එයා කොතනද ඉන්නේ?.
එතුම නම් ඇතුළෙ කාමරයේ වෙනත් අය කිපදෙනෙක් එක්ක සාකච්ඡාවක.
“එතකොට මට එයාව හම්බවෙන්න බැරිද..."
'බැරිකමක් නෑ... පුළුවන් මේ මන්ත්‍රීතුමන්ලා දෙන්නා ඇවිල්ලත් ඉන්නේ විපක්ෂ නායකතුමාව හම්බවෙන්න. හම්බවෙන්න පුළුවන් පොඩ්ඩක් වාඩිවෙලා ඉන්න,
'මට මෙතන වාඩිවෙලා ඉන්න බෑ. මට වැඩ තියෙනවා’.
මොකක්ද ඔබතුමා විපක්ෂ නායකතුමා හමුවන කාරණාව...." ‘
ඒක ඔයාට කියලා බෑ. එතුමට තමයි කියන්න ඕන...”
‘සමහර දේවල්වලට අපිටත් උදව් කරන්න පුළුවන්.. සුරංග නැවතත් කීවේ හැකි උපකාරයක් නම් කරදීමට හැබෑ වුවමනාවක් ඇතිවය. 'කවුද පාර්ලිමේන්තු කාරක සභාවලට මන්ත්‍රීවරු පත් කරන්නේ, ඇයි අපිට ඒවට යන්න චාන්ස් නොලැබෙන්නේ. අනිත් එක විපක්ෂය වෙනුවෙන් කතා කරන්න පාර්ලිමේන්තුවේ අපිට කාලයක් දෙන්නෙත් නෑ. කොහොමද අපි ඩිබෙට්ස්වලට ඉදිරිපත් වෙන්නේ, ඒවා ගැන තියෙන ප්‍රශ්න ටිකක් විසඳගන්නයි මට ඕත’,
අර්ජුනා ඔය ටික කියාගෙන කියාගෙන ගියේ ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකයාට ද දොස් පවරන ගමන්ය. ඒ වෙලාවේ ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයා අර්චුනාට මෙසේ කීවේය.
ඕක නම් සරල කාරණාවක්.
කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා පාටි ලීඩර්ස් මිටින් එකක්. ඔතුමාටත් පුළුවන් ඒකට සහභාගී වෙලා ඔය තියෙන ප්‍රශ්න මතු කරලා විසඳගන්න." “මේ....මට ඔයත් එක්ක කතාවක් නෑ හරිද මම කතා කරේ මෙයාට."
“අපේ මන්ත්‍රීතුමා හැදුවේ ඔබතුමාට උදව්වක් කරන්න". සුජිත් සංජය පැහැදිලි කළේය. ‘“ඔයා එන්න එපා මට උපදෙස් දෙන්න. ඔයා කවුද මට උපදෙස් දෙන්න".
''මම මේ පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්",
"ඔයාගේ ජ්යෙෂ්ඨකමෙන් මට වැඩක් නෑ. මම ඉගෙන ගත්ත මිනිහෙක්.
මම විශ්වවිද්‍යාලයේ ගිහිල්ල ඩොක්ටර් කෙනෙක් වෙච්ච කෙනෙක්. උගත් කෙනෙක්. තමුසෙ කවුද මට උපදෙස් දෙන්න”.
"ඔය ජාතියේ නම් එන්න එපා. මන්ත්‍රීතුමා අපි ඕවට කැමැති නෑ- මම ඩොක්ටර් කෙනෙක් නෙමෙයි තමයි. ඒ වුණාට අපිත් ඉගෙන ගත්ත මිනිස්සු. අනිත් එක මගේ උගත්කම ගැන ඔයා කොහොමද දන්නෙ? ඔය වගේ පහතට දාලා කතා කරන්න'.
"ඇයි මට බැරි කතා කරන්න. විපක්ෂ නායක හම්බවෙන්න ආවාම අපිට ඒකට ඉඩ දෙන්නෙ නෑ.
පාර්ලිමේන්තුවේ කතා කරන්න වෙලාව දෙන්නේ නෑ. හැම තැනම අසාධාරණකම්',
”ඔයාට වෙච්ච අසාධාරණයක් නෑ. ඔයා තමයි හැම තැනටම ගිහිල්ලා ප්‍රශ්න ඇති කරලා අපිට අසාධාරණකම් කරන්නේ, ඔය පාට් දානවා ගිහිල්ලා යාපනේ. මේක විපක්ෂ නායක කාර්යාලය, මේක ඇතුලේ හැසිරෙන්න ඉගෙන ගන්නවා මෙතන විනයක් තියෙන තැනක්".
නැගිට්ටේ මට ගහන්නද ගහලා බලපං පුළුවන් නම්"... කියමින් අර්ජුනා සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් භාෂා තුනෙන්ම සුජිත් හා අලවතුවල මන්ත්‍රීවරුන්ට බැණ වදින්නට වූහ.
මේ අයුරින් දුරදිග ගිය කතාබහ අවසානයේ ගුටිබැට හුවමාරුවකට නොගොස් නතර වූයේ විපක්ෂ නායක ලේකම් සුරංග රණසිංහ හා එහි සේවකයන් කිහිපදෙනෙක් මැදිහත්ව අමාරුවෙන් අර්ජුනාව විපක්ෂ නායක කාර්යාලයෙන් එළියට කැඳවාගෙන ගිය නිසාය. අර්ජුනාගේ බැණ වැදීම්වල තර්ජනාත්මක ස්වරූපයක්ද විය. මන්ත්‍රීවරුන්ට පමණක් නොව, අර්චුනා විපක්ෂ නායක ලේකම් සුරංග ඇතුළු කාර්යාලයේ සේවකයන්ටද නොසෑහෙන ලෙස අපහාස කරමින් බැණ වැදෙමින් පිටත්ව ගියේය.
“මේ වැඩේ නම් දැත් හොඳටම ඇති. මම මේ ගැන කථානායකතුමාට පැමිණිල්ලක් කරනවා". කියමින් විපක්ෂ නායක ලේකම් උපදෙස් ගැනීමට විපක්ෂනායකවරයා හමුවන්නට ගිය අතර සුජිත් සංජය හා අලවතුවල මන්ත්‍රීවරුන් නැවත සභා ගැබ්ව ගියේ ඒ වනවිට එහි ගිය අර්ජුනා කුමක් කරනු ඇත්දැයි දැකබලා ගැනීමටය.
ඒ මොහොතේ සභාව මෙහෙයවමින් සිටියේ නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකරය. අර්ජුනා මන්ත්‍රීවරයා වරප්‍රසාද කඩවීමක් ගැන ප්‍රශ්නයක් මතු කරමින් අත දිගු කර සුජිත් සංජය මන්ත්‍රීවරයා පෙන්වමින් මෙයා මට පහර දුන්නා යයි චෝදනා කරන්නට විය. විපක්ෂ නායකතුමා හමුවන්නට විපක්ෂ නායක කාර්යාලයට ගිය විටදී තමා පහර කෑමට ලක්වූ බව ඔහු කීවේය. මෙයා කියන්නේ කවුදැයි ප්‍රශ්නයක් මතු විය. අර්ජුනාට කවුදෝ සුජිත්ගේ නම් කියා දුන්නේය. අර්ජුනා තමන්ට පහර දුන්නේ සුජිත් මන්ත්‍රීවරයා බව කීවේය.
“ආරංචියේ හැටියට මෙතුමා විපක්ෂ නායක කාර්යාලයට ගිහිල්ලා එතන ඉන්න මිනිස්සුන්ට බැණලා බාල්දියක් පෙරළගෙන තමයි ඇවිත් තියෙන්නේ. " නලින් බණ්ඩාර කීවේය.
ඊට අර්ජුනා ද උත්තර දුන් අතර මන්ත්‍රීවරු කීපදෙනෙක්ම සභාවේ නැගිටිමින් සැම තැනකදීම පෙන්නුම් කරන අර්චුනාගෙන් නොමනා හැසිරිම විවේචනය කළහ.
“මම කාටවත් පහර දුන්නේ නෑ. එතුමා තමයි අපට අපහාස කරමින් අපිව ලොකු ගෝරියකට කැඳව ගන්න උත්සාහ කළේ." හරි නම් අපේ වරප්‍රසාදයි කඩවුණේ".
ඉන්පසුව විපක්ෂ නායකවරයාගේ උපදෙස් පරිදි සුජිත් සංජය මන්ත්‍රීවරයාද මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරද තවත් කීපදෙනෙක් සමග ගොස් සිද්ධිය පිළිබඳ කථනායකවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
“ඔබතුමා මේක ගැන නොසලකා ඉත්ත නම් එපා. මේක හරිම භයානක තත්වයක්, මෙයාම කියනවා මෙයා තහනම් කරපු ත්‍රස්තවාදී සංවිධායක් සමග ගනුදෙනු කරනවා කියලා. ඩයස්පෝරාව උදව් කරවා කියලා කියන්නේ මෙයා ඉන්නේ අපි ගැන වෛරයෙන්, මේක අපේ ආරක්ෂාවට ලොකු තර්ජනයක් මේ මන්ත්‍රීවරයා හැම තැනම රිංගනව විතරක් නොවෙයි හැම තැකදීම ප්‍රශ්න ඇති කරගන්නවා”.
“සමහරවිට මෙයාට මොකක් හරි සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙන්න බැරි නෑ."
“මේක සෙල්ලමක් නෙවෙයි. කථානායකතුමා මේක ගැන පියවරක් ගන්නම වෙනවා. කාගේත් ආරක්ෂාවට මේක ප්‍රශ්නයක්." කාවින්ද කීවේය.
"මෙයා කියනවාතේ ප්රභාකරන් අපේ දෙවියො කියලා. එහෙම නම් එයා ඒ යුද්ධය කරවපු ආණ්ඩුවත් එක්ක මොන තරම් තරහෙන් ඇද්ද... විශේෂයෙන් රාජපක්ෂ පවුලත් එක්ක." එසේ කීවේ ඩී.වී. චානකයි.
“නාමල්ට කියන්න ඕන . පරිස්සම් වෙලා ඉන්න කියලා."
"නාමල් විතරක් නෙවෙයි.. අපිත් පරිස්සම් වෙන්න ඕන.
පාර්ලිමේන්තුවේ දෙසිය විසි හතර දෙනාටම මේක තර්ජනයක්. තහනම් ත්‍රස්තවාදි සංවිධාන දේවත්වයෙන් පුදන මේගොල්ලෝ බැරිවෙලාවත් ඒ ගොල්ලෝ සියදිවි හානි කර ගත්ත පාවිච්චි කරපු වසක් විසක් පාර්ලිමේන්තුවේ කෑමකට බිමකට මුසුකළොත් අපි මොන දෙයියන්ට කියන්නද?.
"මම නම් ඒ ගැන ලිඛිතව පැමිණිල්ලක් කළා කථානායකතුමාට, කථානායකතුමාගෙන් මම විශේෂ ආරක්ෂාවක් ඉල්ලුවා. අපට තිබුණ ආරක්ෂාවක් දැන් අඩු කරලා එළිපිටම මරණ තර්ජනය කරන මිනිස්සු දැන් පාර්ලිමේන්තුව ඇතුළේ".
"ඔව් ඉතින්..... එක පාරක් බෝම්බ ගැහුවා. ඇතුලේ මන්ත්‍රීවරුන් මියගියා. කවුද දන්නෙ මට්ටු නොකළොත් මෙයා ඉදිරියේදි මොත විදිහට හැසිරෙයිද කියලා".
"පුදුමේ කියන්නේ ආණ්ඩු පක්ෂයේ කිසිම කෙනෙක් මේ ගැන සද්දයක් නැතුව බලාගෙන ඉන්න එකනේ".
0 Comments