නීති විරෝධී මත්පැන් ව්‍යාප්තියට විකල්පයක් වශයෙන් අඩු මුදලට නව මත්පැන් බෝතලයක් හඳුන්වා දෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදය කුමාර පෙරේරා මහතා ප්‍රකාශ කළේය.එම නව මත්පැන් බෝතලය ලබන වසරේ අප්‍රේල් මාසය වන විට වෙළෙඳපොළට හඳුන්වා දෙන බව කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.
මේ සඳහා මුදල් අමාත්‍යාංශයේද අනුමැතිය ඇතිව ප්‍රමිතියෙන් උසස් තත්ත්වයේ මත්පැන් බෝතලයක් හඳුන්වා දෙන්නට පියවර ගන්නා බවද හෙතෙම කීය.
සුරාබදු ආදායම සියයට 30කින් අඩු වන්නට හේතුව නීති විරෝධී මත්පැන් බව සමීක්ෂණ අනුව තහවුරු වී තිබෙන බවද ඔහු පැවැසීය.හොර සුරාවලින් ජනතාව ගලවා ගන්නට දිගින් දිගටම සිදු කරන වැටලීම්වලින් පමණක් නතර කරන්නට හැකියාවක් නොමැති බව පෙනී ගොස් ඇති බැවින් වැටලීම් සිදුකරන අතරේ මෙම විකල්ප මත්පැන් බෝතලය ජනතාවට හඳුන්වා දෙන්නට සැලසුම් සකස්කර තිබෙන බව ඒ මහතා පැවැසීය. රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව මෙම මත්පැන් බෝතලය වෙළෙඳපොළට ඉදිරිපත් කර ජනතාවට ලබා දෙන්නේ සුරාබදු අධිකාරියේ ආදායම වැඩි කිරීම හෝ මත්පැන් ප්‍රවර්ධනය කරන්නට හෝ නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙය හොර මත්පැන්වලින් ජනතාව ගලවා ගන්නට සිදු කරන වැඩසටහනක් පමණක් බවත් ඔහු කීය. අනවසර, හොර, විස සහිත මත්පැන් මහජනතාව භාවිත කිරීම නිසා රෝගී වන පිරිස වැඩි වී තිබෙන අතර සමාජයේ අඬදබර ඇති වීම මෙන්ම අකාලයේ සිදුවන මරණ ප්‍රමාණය වැඩි වන්නට හේතු වී තිබෙන බවද හෙතෙම කීය. මෙම නව මත්පැන් බෝතලය හඳුන්වා දුන්නද පෙර පරිදිම නීති විරෝධී මත්පැන් වැටලීමේ මෙහෙයුම දිගින් දිගටම සිදු කරන බවත් අධිකාරිය යටතේ ඇති විශේෂ වැටලීම් ඒකකය මඟින් විශේෂ වැටලීම් සිදුකරන බවද සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදය කුමාර පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(නිමල් අල්ගෙවත්ත)
0 Comments