නිවෙස්වලින් ඉකුත් 17 වැනිදා සිට අතුරුදන්ව සිටි වයස අවුරුදු 14යි, මාස 11ක දැරියක් හා වයස අවුරුදු 15යි, මාස 09ක සිසුවකු පෙරේදා (18) දින අලුයම බද්දේගම පොලීසිය සොයාගෙන තිබේ. සොයා ගන්නා විටත් දැරිය අපයෝජනයට ලක්වී තිබූ බවට කරුණු හෙළිව තිබූ බව බද්දේගම පොලීසිය පවසයි.
මෙම දැරියගේ මව විසින් ඉකුත් 17 වැනිදා උදෑසන 7.30ට පමණ බද්දේගම පිහිටි උපකාරක පන්තියට ඇරලවා ඇති අතර සැකකාර සිසුවාගේ පියා විසින් සිසුවා ද එම පන්තියටම ගෙනැවිත් ඇරලවා ඇත.
වසර කිහිපයකට පෙර දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති අතර පන්තිය ආරම්භ වීමට පෙර දෙදෙනාම ඊට සහභාගි නොවී පිටව ගොස් ඇත.
ප්‍රථමයෙන් මොවුන් දෙදෙනා පන්සලකට ගොස් ඇති අතර පන්තියට සහභාගී නොවීම පිළිබඳව දෙමාපියන් විසින් දැනගෙන පොලීසියට පැමිණිලි කර තමන් සොයන බව සැලවී නිවාසවලට යෑමට බිය වී පන්සලෙන් පිටවී දිවා කාලයේ දෙදෙනා මාර්ගයේ ඇවිදිමින් කාලය ගත කර ඇත.
රාත්‍රී කාලයේ බද්දේගම රෝහල අසල වසා තිබූ නැණ පියස අධ්‍යාපන ආයතනයේ ගොඩනැඟිල්ලට ඇතුළු වී ඇති අතර එම ගොඩනැඟිල්ලේ කොරිඩෝවේදී මෙම සිසුවා විසින් දැරිය දූෂණයට ලක් කර ඇත.
ඊට පසු දෙදෙනාම ප්‍රදේශයෙන් පලා යෑමට සිතා බස් රථයක ගමන් කරමින් සිටියදි බද්දේගම පොලිස් නිලධාරින් විසින් පෙරේදා (18) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් දෙදෙනාම බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(බළපිටිය - ප්‍රියශාන්ත ද සිල්වා)
0 Comments