ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිල නිවාසවල පදිංචි නිලධාරීන් 402 ක් අදාළ චක්‍රලේඛ අනුව ඒවායේ සිටිය හැකි කාලය ඉක්මවා රැඳී සිටින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2021.01.30 හා අංක 02/2021 චක්‍රලේඛයට අනුව නිල නිවාස ලබා ගන්නා අධිකාරියේ නිලධාරීන්ට ඒවායේ පදිංචිව සිටිය හැකි කාලය වසර පහක උපරිමයකට සීමා වන අතර එම කාලය ඉක්මවා
තවත් මාස හයක් නිල නිවසට ගෙවිය යුතු කුලිය මෙන් දෙගුණයක් ගෙවා සිටීමට අවස්ථාව තිබෙන බව විගණනයෙන් පෙන්වා දෙයි.
එහෙත් මෙම කොන්දේසි නොතකා වරාය අධිකාරියේ නිලධාරින් 402 ක් වසර 05 සිට වසර 30 දක්වා වූ කාල පරාසයන් නිල නිවාසවල රැඳී සිටින බව වරාය අධිකාරිය සම්බන්ධයෙන් අවසන් වරට නිකුත් කළ ඉකුත් වසරට අදාළ විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ පිළිබඳව වරාය අධිකාරිය මගින් විගණනය වෙත පිළිතුරු ලබා දී නොමැත.
නිල නිවාසවල තව දුරටත් රැඳී සිටීමට අවශ්‍යනම් ගෙවීම් කර අදාළ චක්‍රලේඛය අනුව කටයුතු කළ යුතුබව විගණනයෙන් නිර්දේශ ලබාදී ඇත.
(J ඉඳුරුවගේ)
0 Comments