සිංගප්පූරුවේ අඩු වන උපත් අනුපාතය සම්බන්ධයෙන් ටෙස්ලා හා ස්පේස්එක්ස් සමාගම්වල ප්‍රධාන විධායක ඉලොන් මස්ක් මහතා කළ ප්‍රකාශයක් දැන් සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් සංවාදයකට තුඩු දී තිබේ.
"සිංගප්පූරුව සහ තවත් බොහෝ රටවල් වඳවී යමින් පවතී" යැයි මස්ක් මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත. මෙම ප්‍රකාශය සිංගප්පූරුවේ 2023 වසරේ වාර්තා වූ ඓතිහාසික අඩු උපත් අනුපාතය වන 0.97 සමඟ සම්බන්ධ වේ.
සිංගප්පූරු රජයේ සංඛ්‍යාලේඛන අනුව 2030 වන විට එරට වැසියන්ගෙන් හතරෙන් එකක් පමණ වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් වනු ඇත. මෙම තත්වය හමුවේ රට මුහුණ දෙන ශ්‍රම හිඟය සඳහා රොබෝ තාක්ෂණය යොදා ගැනීමට සිංගප්පූරුව කටයුතු කරයි.
කම්කරුවන් 10,000කට රොබෝ 770ක් වන පරිදි කාර්මික රොබෝ භාවිතය අතින් සිංගප්පූරුව ඉදිරියෙන් සිටී. කෙසේ වෙතත්, මස්ක්ගේ අදහස් සම්බන්ධයෙන් සිංගප්පූරු පුරවැසියන් අතර විවිධ ප්‍රතිචාර පළවී ඇත.
මෙම සංවාදය තුළින් ඉහළ ජීවන වියදම් සහිත රටවල ජනගහන තිරසාර බව සහ ශ්‍රම හිඟය විසඳීමේදී තාක්ෂණයේ කාර්යභාරය පිළිබඳ සාකච්ඡාව යළි මතුව තිබේ.
0 Comments