Rapper-JC-accused-of-molesting-13-year-old-girl-at-a-party

 2000 වසරේදී 13 හැවිරිදි දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් ප්‍රකට රැප් ගායන ශිල්පීන් දෙන්නෙකු වන ජේ-සී සහ ෂෝන් "ඩිඩී" කොම්බ්ස් යන දෙදෙනාට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කර තිබේ.
ජේ-සී යනු ප්‍රකට ඇමරිකානු ගායිකා බියොන්සේගේ සැමියාය.
මුලින් 2024 ඔක්තෝබර් මාසයේදී කොම්බ්ස්ට එරෙහිව පමණක් ගොනු කර තිබූ මෙම නඩුව 2024 දෙසැම්බර් 8 වන දින සංශෝධනය කරමින් ජේ-සී ද චෝදනා ලැබූ පාර්ශවයක් ලෙස ඇතුළත් කර ඇත.

එවක13 වියැති දැන් 37 වියැති චෝදනා කරන්නිය පවසන්නේ මෙම සිදුවීම නිව්යෝක් නුවර පැවති එම්ටීවී වීඩියෝ සම්මාන උළෙලෙන් පසු පැවති සාදයකදී සිදුවූ බවයි.

පැමිණිලිකාරිය පවසන්නේ කොම්බ්ස් සඳහා සේවය කරන බව පැවසූ ලිමසින් රථ රියදුරෙකු විසින් සාදයට ආරාධනා කළ බවයි. එහිදී ඇයට ලබාදුන් කිසියම් පානයක් පානය කිරීමෙන් පසු සිහි මූර්ඡා වූ බව ඇය පවසයි.
නඩු පැවරුම අනුව, තවත් නම් නොකළ කාන්තා ප්‍රසිද්ධ චරිතයක් බලා සිටියදී ජේ-සී සහ ඩිඩී යන දෙදෙනාම ඇය දූෂණය කළ බව චෝදනා කර තිබේ. පැමිණිලිකාරිය පවසන්නේ තමා සිහි විකල්ව සිටි බවත්, ඩිඩී තමා දූෂණය කරද්දී ජේ-සී තමාව පහතට තද කර සිටි බවත්ය.



මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ජේ-සී දැඩි ලෙස වරද ප්‍රතික්ෂේප කරන අතර, මෙය මුදල් ගසා කෑමේ උත්සාහයක් බව පවසයි. ඔහු පවසන්නේ මෙවැනි චෝදනා සිවිල් නඩු මගින් නොව අපරාධ නඩු මගින් විභාග විය යුතු බවත්, අවුරුදු දහතුනක දැරියකට එරෙහිව මෙවැනි ක්‍රියා සිදු කරන ඕනෑම අයෙකු සිර දඬුවම් ලැබිය යුතු බවත්ය. චෝදනා කරන්නියගේ නීතිඥ ටෝනි බස්බී මහතාට එරෙහිව ද ඔහු විවේචන එල්ල කරමින් මෙම නඩුව මුදල් ඉපයීමේ උත්සාහයක් බව පවසයි.

මෙම නඩුව සීන් කොම්බ්ස්ට එරෙහිව ගොනු කර ඇති ලිංගික අපචාර සම්බන්ධ තවත් සිවිල් නඩු කිහිපයක කොටසක් වන අතර, ඔහුට එරෙහිව ලිංගික ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධ චෝදනා ද මින් පෙර එල්ල වී තිබේ.

ජේසී යනු ප්‍රසිද්ධ ඇමරිකානු රැප් ශිල්පියෙකි. ඔහුගේ සම්පූර්ණ නම ජේසී කාර්ටර් (JAY-Z) වේ. 1969 වසරේ නිව් යෝර්ක් නුවර උපන් ජේසී, රැප්, සංගීත නිර්මාණය, සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශාල සාර්ථකත්වයක් ලබා ගෙන ඇත.ජේසී 1996 දී "Reasonable Doubt" නම් වූ ඔහුගේ පළමු ඇල්බම් නිකුත් කළ අතර, එය සංගීත ක්ෂේත්‍රයේ ඉහළ ප්‍රතිචාරයක් ලබා ගෙන ඇත. ජේසී "Roc-A-Fella Records" සමාගම හා "Roc Nation" සමාගම මඟින් විවිධ ඉපැයීම් කරයි.
ග්‍රැමි සම්මාන 20 කට වැඩි ප්‍රමාණයක් දිනා ඇති ගායකයෙකි.
ජේසී, බෙයොන්සේ සමඟ විවාහ වී සිටින අතර, ඔවුනට දියණියන් දෙදෙනකු සිටිති.