When-I-said-something-rude-to-someone-at-a-party,-my-brother-got-mad-at-me

මත්පැන් සාදයක් අතරතුරදී කාන්තාවකට අසභ්‍ය වචනයෙන් උසුළු විසුළු කළැයි උරණ වී තියුණු ආයුධයකින් පුද්ගලයකුට පහරදී බරපතළ තුවාල සිදුකළ අයියා මලෝ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලීසිය පවසයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහතුඩුව ගොල්ඩන් මෙඩෝස් පෙදෙසෙහි පදිංචි (30-34) සහෝදරයන් දෙදෙනකු බව පොලිසිය කියයි.




තුවාලකරු මෙම පුද්ගලයින් දෙදෙනා සමග කහතුඩුව නිවසක මත්පැන් සාදයක් පවත්වා ඇති අතර පදමට වෙරි මතින් විවිධ අල්ලාප සල්ලාපයේ යෙදී සිටියදී තුවාලකරු අවස්ථා කිහිපයකදී එහි සිටි පුද්ගලයකුගේ බිරියට පරුෂ වචන කියමින් උසුළු විසුළු කර ඇතැයි පැවසේ.


මේ සම්බන්ධයෙන් කිහිප වරක් එසේනොකරන ලෙස ඔහුට කාන්තාව විසින් දන්වා සිටියද එසේ නොවීම නිසා උරණ වූ කාන්තාවගේ සැමියා එක්වර මොහුට අතින් පයින් පහර දී පසුව අනෙත් පුද්ගලයාද ඔහුට පහර දෙන අතරතුරදි එහි සිටි එක් පුද්ගලයකු නිවසේ තිබූ අඩි දෙකක් පමණ දිග මන්නයක් ගෙන මෙම පුද්ගලයාගේ හිසට ගෙලට හා අත් පාවලට පහර දී බරපතළ තුවාල සිදු කර ඇත.


ඒ අනුව අසාධ්‍ය තත්වයෙන් පසුවූ පුද්ගලයා වෑතර දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලටත් ඉන් පසුව කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කර ඇත.

එහිදී ශල්‍යකර්ම කිහිපයකට ලක් කළ තුවාලකරු මේ වන විට දැඩි සත්කාරයේ අසාධ්‍ය තත්වයෙන් පසුවන බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් තුවාලකරුගේ සහෝදරියක සිදුකළ පැමිණිල්ලකට අනුව සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනා අඩි දෙකක් පමණ දිගැති මත්තයද සමඟ අත්අඩංගුවට ගත් බව පැවසේ.අත්අඩංගුවට ගත් සැකකරුවෝ දෙදෙනා කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය සිටියහ.
(ශාන්ත කුමාර කුලරත්න)