The-threats-from-the-complainants-are-endless-Sir-grant-bail---if-not,-the-best-guard-will-be-in-prison-You-will-not-get-bail

 පැමිණිලිකරුවන්ගෙන් තර්ජන  එල්ලවන්නේ නම් ආරක්ෂා විය හැකි හොදම ස්ථානය  බන්ධනාගාරය බව සදහන් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා රට රැකියා ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කළ සැකකරුවකු 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ඊයේ (11) නියෝග කළේය. අධ්‍යාපන කටයුතු සඳහා තරුණ තරුණියන් විදේශගත කරන බව පවසා ලක්ෂ ගණනින් මුදල් වංචා කර

අධිකරණය මගහරිමින් සිටි “ මාරා ස්ටඩ්ස් එබරෝඩ්" (mara stady Abrood) ආයතන හිමිකරු වන සුදත් කසුන් මාරගේ සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.



විවෘත වරෙන්තු 13ක් ලද සැකකරු අධිකරණයට නොපැමිණියේ විදේශගතවීමට මුදල් පැමිණිලිකරුවන්ගෙන් ඇති බැවින් සැඟවී සිටීම නිසා බව සැකකරුගේ නීතිඥ හංසිකා මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළාය.වංචා කළ මුදල් යළි පැමිණිලිකරුවන්ට දීමට කටයුතු කරමින් සිටින බැවින් සැකකරුට ඇප දෙන ලෙසද නීතිඥවරිය ඉල්ලා සිටියාය.ඊට ප්‍රතිචාර අතිරේක දැක්වූ මහේස්ත්‍රාත්වරයා පැමිණිලිකරුවන්ගෙන් තර්ජන එල්ලවන්නේ නම් ආරක්ෂාව ලබාදිය හැකි බවත් බන්ධනාගාරයේ සිට පැමිණිලිකරුවන්ට මුදල් ලබාදීමේ කටයුතු සිදුකරන ලෙසත් සැකකරුට දන්වා සිටියේය.


තිඹිරිගස්යාය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සැකකරුට

අයත් විදේශ රැකියා ආයතනයේ සේවය කළ සේවකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රසන්න ලියනාරච්චි මහතා අධිකරණයේ නඩු 38ක් ඇති බවත් සැකකරු තවදුරටත් අධිකරණය මගහැර සිටියොත් නඩු කටයුතුවලට බාධා විය හැකි බැවින් වරෙන්තු ලද සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.


පෝලන්තයේ හා තුර්කියේ රැකියා පවසමින් තරුණ ලබාදෙන බවට තරුණියන්ගෙන් රුපියල් ලක්ෂ 15 සිට රුපියල් ලක්ෂ 55 දක්වා ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මෙම නඩුව පවරා තිබිණි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් අධිකරණයේ ඊයේ (11) පෙනී නොසිටි සාක්ෂිකරුවන්ට වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළේය.
(රොෂාන් තුෂාර )