326-million-rupees-spent-a-year-to-protect-Mahinda-Police-statement

 හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම මහින්ද රාජපක්ෂට අසාධාරණයක් කළ බවට පළවන මාධ්‍ය වාර්තා අතරතුර පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ පැහැදිලි කිරීමේ  නිවේදනයක් නිකුත් කර තිබෙයි.



එම නිවේදනයේ දැක්වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව හමුදා නිලධාරීන් ද යොදවා සිටින බැවින් ඒ මහතාගේ ආරක්ෂාව කිසිදු අයුරකින් බිඳවැටී නැති බවයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 326 කට අධික වැය බරක් දරන බවත් අනෙක් හිටපු ජනපතිවරුන්ටද සමග එකතුව රුපියල් මිලියින 1100 ක් වන බවත් පොලීසිය කියයි.

වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි දක්වා ඇති විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීම යන ප්‍රතිපත්තිමය තීරණයට අනුව හිටපු ජනාධිපතිවරුන් සදහා ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 ක් දක්වා සංශෝධනය කර පවත්වාගෙන යාම ප්‍රමාණවත් බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සහතික වන බවත් එම නිවේදනයේ දැක්වේ.