puttalam-incident

තම පෙම්වතා වෙනත් සබ­ඳ­තා­වක් පව­ත්වා­ගෙන යන බවට සැක සිතී සුරූපී තරු­ණි­යක් මුන්ද­ලම නව­ද­න්කු­ලම ප්‍රදේ­ශ­යේදී ඊයේ (17) දුම්රි­යට ගෙල තබා දිවි නසා­ගෙන ඇතැයි මුන්ද­ලම පොලී­සිය පව­සයි.මෙලෙස අවා­ස­නා­වන්ත ලෙස ජීවි­ත­යෙන් සමු­ගෙන ඇත්තේ මුන්ද­ලම නුග සෙවණ ගමේ පදිං­චිව සිටි ආර්.ඒ.පියුමි මල්ශානී නැමති 20 හැවි­රිදි පෞද්ග­ලික ඇඟ­ලුම් ආය­ත­න­යක සේවය කර­මින් සිටි අයකු බව ද පොලි­සිය කියයි.



මාර­විල ප්‍රදේ­ශයේ ඇඟ­ලුම් ආය­ත­න­යක සේවය කර­මින් සිට ඇති තරු­ණිය එම ඇඟ­ලුම් ආය­ත­න­යේම සේවය කරන තරු­ණ­යකු සමඟ පෙම් සබ­ඳ­තා­වක් පව­ත්වා­ගෙන ගොස් ඇති බවත් එම තරු­ණයා ද තරු­ණි­යගේ නි‍ෙව­සට ද පැමිණ ඇති බවත් කියයි.

දෙදෙනා අතර නිර­න්ත­ර­යෙන් දුර­ක­තන ඇම­තු­ම්ව­ලදී බහින් බස්වීම් සිදු­වන බවත් ඇගේ මව පොලි­සි­යට ප්‍රකාශ ලබා දී ඇත.එසේ තිබි­යදී මේ තරු­ණිය දුම්රිය මාර්ගය ආස­න්නයේ පිහිටි නි‍ෙවසේ සිට ගමන් කර­මින් සිටි­යදී මව ඒ පිළි­බ­ඳව විමසා ඇති බව කියයි.



මුහුණ සෝදා­ගෙන එන්නම් අම්මා කියා ගිය තරු­ණිය ගැන සැක නොසිතූ මව ඇය නි‍ෙව­සට පැමි­ණීම ප්‍රමා­ද­වීම නිසා නැවත පැමිණ විප­රම් කර බලා ඇති අතර ඇය නොමැ­ති­වී­මෙන් දුම්රිය මාර්ගය දෙස බලා ඇත. එහිදී ඇය ඒ වන විටත් ඈතින් දුම්රිය දෙසට දිව යන අයුරු මව දැක තිබේ. එහිදී මව එම දුම්රිය මඟින් ඉවත් වන ලෙස මහ හඩින් කෑග­ස­මින් දිව ගොස් ඇතත්, ඒ වන විටත් ඇය එක්ව­රම දුම්රිය මඟේ දිගා වී ඇති බව වාර්තා වෙයි.

දුම්රියේ ගැටී­මත් සමඟ මේ තරු­ණි­යගේ සිරුර කැබලි ලෙස වෙන් වී විසි වී ගොස් ඇති අතර පසුව දුම්රිය රියැ­දුරු දුම්රිය නවතා සිරුර මදු­ර­න්කු­ලිය දුම්රිය ස්ථාන­යට රැගෙන ඒමට කට­යුතු කර තිබුණු අතර පසුව සිරුර පුත්ත­ලම මූලික රෝහ­ලට රැගෙන ඒමට කට­යුතු කර තිබුණි.



සුරූපි මේ තරු­ණිය ටික් ටොක්වල ජන­ප්‍රිය වී ඇති අතර විශාල පිරි­සක් ඇගේ ටික් ටොක් ගිණුමේ සිටින බව ද කියයි. තරු­ණි­යගේ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පුත්ත­ලම මූලික රෝහ­ලේදී ඊයේ (17) පැවැ­ත්වී­මට නිය­මි­තව තිබුණි. මුන්ද­ලම පොලි­ස්ථා­නා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අසිත ලක්රු­වන් මහ­තාගේ උප­දෙස් මත පොලිස් සැර­යන් (38085) අම­ර­සිංහ මහතා අදාළ මර­ණය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ කට­යු­තු­ව­ලට එක්ව තිබුණි.
( පුත්ත­ලම  - හිරාන් ප්‍රියං­කර ජය­සිංහ)