500-substandard-medicines-in-hospitals-across-the-country

තත්ත්වයෙන් බාල ඖෂධ වර්ග 308ක් මෙරටට ගෙන ඒමට මුල් වූ නිලධාරීන් පිළිබඳව විමර්ශන පවත්වන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා 18දා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර ඇත.






තත්ත්වයෙන් බාල ඖෂධ 308ක් ගැන විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අප පැමිණිලි කළ බවත් ප්‍රසම්පාදනය කළ පිරිස තාක්ෂණික උපදෙස් හා ඇගයීම් කළ, ගෙවීම් කළ සියලු නිලධාරීන් නීතිය හමුවට කැඳවන්නට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කළ බව හෙතෙම පැවැසීය.


මෙය බරපතළ පාවාදීමක් බවත් ඔසු ගෙන්වීම සම්බන්ධයෙන් සිදුව ඇති අක්‍රමිකතාවන් හමුවේ සෞඛ්‍ය අංශ යම් තීරණයක් නොගන්නේ ඇයිද යන්න අප ප්‍රශ්න කරන බවද ඔහු කීය.මෙම බාල ඔසු රටට ගෙන ආවේ විධිමත් ආකාරයෙන්ද අවිධිමත් හොර පාරෙන්ද කියා බරපතළ සැකයක් ඇති බවද ඔහු කීය.
( නිමල් අල්ගෙවත්ත)