Beggar-dies-after-being-hit-by-MP-Gajendra-Kumar-Ponnambalams-car

පුත්තලම, බෝලවත්ත හන්දියේදී සිදුවූ මාර්ග අනතුරකින් වයස්ගත යාචක කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා ගමන් ගත් ජීප් රථය පදික මාරුව භාවිතා කරමින් සිටි කාන්තාවට ගැටීමෙනි.


අනතුරට ලක්වූ කාන්තාව වයස අවුරුදු 65-70 අතර වයසැති අයෙකු බව හඳුනාගෙන ඇති අතර, ඇය හදිසි ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.
මන්ත්‍රීවරයා කොළඹ සිට යාපනය බලා ගමන් කරමින් සිටි අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්‍රීවරයාද රථයේ ගමන් කර තිබේ.
සිද්ධිය පුත්තලම-කොළඹ ප්‍රධාන මාර්ගයේ බෝලවත්ත හන්දියේදී සිදුව ඇත.
රථය පැදවූ හුන්නස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි රියදුරු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත
රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.


මැතිවරණ නීති උල්ලංඝනය කළ චෝදනා මත මීට ටික කලකට පෙර නෙල්ලයිඩි පොලිසිය විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.
 ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායකයාය. වෙන්නප්පුව පොලිසිය අනතුර ගැන වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටී