පන්නි­පි­ටියේ නිසං­සලා නමින් හඳු­න්වන මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්කා­රි­යක් රුපි­යල් ලක්ෂ 80කට අධික වටි­නා­ක­ම­කින් යුත් කේරළ ගංජා කිලෝ­ග්‍රෑම් 66කට ආසන්න ප්‍රමා­ණ­යක් සහ මුද­ලින් රුපි­යල් ලක්ෂ පහක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකා නිල­ධා­රින් පිරි­සක් විසින් පසුගියදා (18) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

කොට්ටාව පොලිස් වසමේ හෝක­න්දර පාර, කොට්ටාව, පන්නි­පි­ටිය ප්‍රදේ­ශ­යේදී මේ වැට­ලී­ම සිදු­කර ඇත.



එහිදී කේරළ ගංජා ජාවා­රමේ යෙදී සිටි ඇය අවු­රුදු 47ක් වයස පන්නි­පි­ටිය ප්‍රදේ­ශයේ පදිංචි නිසං­සලා නමැති කාන්තා­වක් රුපි­යල් ලක්ෂ 80කට අධික වටි­නා­ක­ම­කින් යුත් කේරළ ගංජා කිලෝ 65 ග්‍රෑම් 480ක් හා ජාවා­ර­මෙන් උප­යා­ගත් රුපි­යල් ලක්ෂ 05ක මුද­ලක් සමඟ අත්අ­ඩං­ගු­වට ගෙන වැඩි­දුර විම­ර්ශන කට­යුතු සඳහා කොටුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යං­ශය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළ­කාය පව­සයි. පොලිස් විශේෂ කාර්ය බල­කාය අණ­දෙන නිල­ධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ වරුණ ජය­සු­න්දර මහ­තාගේ නියෝග හා උප­දෙස් පරිදි සහ­කාර පොලිස් අධි­කාරි (බුද්ධි/විශේෂ මෙහෙ­යුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවි­ධා­නා­ත්මක අප­රාධ මර්දන) සාගර කුල­සේ­කර මහ­තාගේ මඟ­පෙ­න්වීම හා අධී­ක්ෂ­ණය මත විශේෂ කාර්ය බළ­කාය විශේෂ මෙහෙ­යුම් ඒක­කය II හි ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ඩී.එල්.ඒ. කොළ­ඹගේ මහ­තාගේ නිරී­ක්ෂ­ණය යටතේ උප පොලිස් පරී­ක්ෂක ඩි.එම්.එස්. හේමාල් ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් මෙම වැට­ලීම සිදු­කර තිබේ.
(රක්ෂණ ශ්‍රියන්ත බණ්ඩා­ර­ගම බිමල් ජය­සිංහ නුගේ­ගොඩ සමීර අබේ­සිංහ)