ආණ්ඩු පක්ෂයේ අයවැයට එරෙහිව ආ විශ්වාසභංගයක් පරාජය වීමෙන් පසු ප්‍රංශයේ දේශපාලන අර්බුදයක් හටගෙන තිබේ.
එරට පාර්ලිමේන්තුව එනම් ජාතික මණ්ඩලයේ ඡන්දය පරාජයෙන් පසු අගමැති මිෂෙල් බාර්නියර් ඉල්ලා අස්වූ අතර වෙනත් අගමැති කෙනෙකු පත්කිරීමට ජනපතිට මේ වනතුරු හැකියාව ලැබී නැත්තේ බහුතරය දිනාගතහැකි අයකු නොවීමෙනි. මේ නිසා අර්බුදයක් මතුව ඇත.
වසර 60කට වැඩි කාලයක් තුළ පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටියක් හරහා ප්‍රංශ රජයක් ඉවත් කළ පළමු අවස්ථාව මෙය ලෙසද සනිටුහන් වන බව එරට මාධය සඳහන් කරයි. ප්‍රංශයේ මේ නිසා දේශපාලන අස්ථාවරත්වයක් පෙන්නුම් කරයි.
අර්බුදයේ පසුබිම වන්නේ මාස තුනකට පෙර පමණ ධුරයට පත්වූ බාර්නියර්, අන්ත-වාම සහ අන්ත-දක්ෂිණාංශික මන්ත්‍රීවරුන්ගෙන් වැඩිවන විරෝධතාවයකට මුහුණ දීමය. ඔහුගේ රජය විවේචනයට ලක්වූයේ පාර්ලිමේන්තු ඡන්දයකින් තොරව ජනප්‍රිය නොවන අයවැයක් සම්මත කර ගැනීමට උත්සාහ කිරීම සඳහා විශේෂ ව්‍යවස්ථාමය බලතල යොදා ගැනීම නිසාය.
මෙම අයවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් පමණ වන සැලකිය යුතු ජාතික හිඟයක් සඳහා යූරෝ බිලියන 60 ක පමණ ඉතිරි කිරීම් ඉලක්ක කර ගත්තේය. විපක්ෂය ඔහුට එරෙහිව එක්වූ අතර, මන්ත්‍රීවරුන් 577 දෙනාගෙන් 331 ක් ඔහුගේ පරිපාලනය ඉවත් කිරීමේ යෝජනාවට සහාය දුන්හ.
ඡන්දයෙන් පසු බාර්නියර්ගේ ඉල්ලා අස්වීම අපේක්ෂා කෙරුණු අතර, ජනාධිපති එමානුවෙල් මැක්රොන් නව අගමැතිවරයෙකු ඉක්මනින් පත් කිරීමට පීඩනයට ලක්ව සිටී. විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොමැති නිසා ජනපතිවරයා නව අගමැතිවරයෙකු පත්කරන්නට යාමෙන් අර්බුදය තවත් උත්සන්න වනු ඇති බවයි.
බෙදී ගිය පාර්ලිමේන්තුව තුළ දේශපාලන පරිසරය අයහපත්ව ඇති අතර, වාමාංශික හා දක්ෂිණාංශික යන දෙපාර්ශවයම නව රජයේ න්‍යාය පත්‍රයට අභියෝග කිරීමට සූදානම්ව සිටී.
මෙම දේශපාලන කැළඹීමේ බලපෑම් නිසා 2025 සඳහා අනුමත අයවැයක් හෝ ස්ථාවර රජයක් නොමැතිව වසර අවසන් කිරීමේ අවදානමකට ප්‍රංශය මුහුණ දී සිටී. රජයේ වැසීමක් වැළැක්වීම සඳහා වත්මන් අයවැය ඊළඟ වසරට දීර්ඝ කිරීම වැනි ව්‍යවස්ථාමය විධිවිධාන පැවතියද, මෙම පියවර ප්‍රංශයේ මූල්‍ය අභියෝගවලට විසඳුම් සෙවීම ප්‍රමාද කර තිබෙයි.
0 Comments