ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති හා නොබෙල් සාම ත්‍යාගලාභී ජේම්ස් "ජිමී" කාටර් (වයස 100) ආයු විඳ අද අභාවප්‍රාප්ත විය. ජෝර්ජියා ප්‍රාන්තයේ ප්ලේන්ස් නගරයේ සිය නිවසේදී පවුලේ සාමාජිකයන් සමඟ සාමකාමීව ඔහු මිය ගියේය.
ජෝර්ජියා ප්‍රාන්තයේ රටඉඳි ගොවිපලක හිමිකරුවකු ලෙස ජීවිතය ආරම්භ කළ කාටර්, පසුව එම ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා බවට පත්ව, 1977-1981 කාලය තුළ එක්සත් ජනපද ජනාධිපති ධුරය දැරීය. ඔහුගේ පාලන සමයේ විශේෂ ජයග්‍රහණයක් වූයේ ඊශ්‍රායලය හා ඊජිප්තුව අතර කේම්ප් ඩේවිඩ් සාම ගිවිසුම ඇති කිරීමයි. කෙසේ වෙතත්, ඉරානයේ ඇමරිකානු තානාපති කාර්යාල සේවකයින් පැහැරගැනීමේ අර්බුදය හා තෙල් අර්බුදය හේතුවෙන් ඔහුගේ පාලනය අභියෝගවලට ලක්විය.
ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගත් පසු, 1982 දී කාටර් මධ්‍යස්ථානය පිහිටුවා ලෝක සාමය හා මානව හිමිකම් වෙනුවෙන් කැපවී කටයුතු කළේය. මෙම සේවය වෙනුවෙන් 2002 දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීය. ලෝකය පුරා මැතිවරණ නිරීක්ෂණය කිරීම හා ජාත්‍යන්තර මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීම ඔහු විසින් සිදු කරන ලදී.
කාටර්ගේ බිරිඳ රෝසලින් කාටර් (වයස 96) 2023 නොවැම්බර් මස මිය ගියාය. ඔවුනගේ විවාහයේ දරුවන් සිව්දෙනෙකු විය.
එක්සත් ජනපදයේ ජීවත් වූ වයස්ගතම හිටපු ජනාධිපතිවරයා වූ කාටර්ගේ අභාවය සම්බන්ධයෙන් බිල් ක්ලින්ටන්, ඩොනල්ඩ් ට්‍රම්ප්, ජෝර්ජ් බුෂ්, බරක් ඔබාමා හා ජෝ බයිඩන් ඇතුළු හිටපු හා වර්තමාන ජනාධිපතිවරුන් ගෞරවනීය ශෝක පණිවිඩ නිකුත් කළහ.
0 Comments