නොරොච්චෝල මාන්පුරිය ප්‍රදේශයේ අනාරක්ෂිත ලෙස ඉදිකිරීමක නිරත වු කම්කරුවන් පිරිසක් යකඩ පලංචියක් මත සිටියදී විදුලි සැරට ලක්ව මරණයට පත්වීම සේවක ආරක්ෂාව කොන්ත්‍රාත්කරු හා එම කොන්ත්‍රාත්තුව ලබා දුන් ව්‍යාපාරිකයා නොසලකා හරිමින් කටයුතු කර ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදි තහවුරු වී ඇත.
මාම්පුරිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් හෝටලයක් ඉදි කිරීමට පුත්තලම ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවකුට ලබා දී අදාළ කොන්ත්‍රාත්කරු විසින් කුලී පෙදරේරුවන් හා මේසන්වරුන් යොදා ගනිමින් එම ඉදිකිරිම සඳහා කටයුතු කරමින් සිටියදී මෙලෙස විදුලි සැරට ලක්ව තිදෙනෙකු මරණයට පත්වීම සිදුව තිබිණි.අදාළ දැවැන්ත හෝටලය හිමි ව්‍යාපාරිකයා විසින් නීති විරෝධී ලෙස ලබා දී තිබු අනාරක්ෂිත විදුලි රැහැනකින් විදුලිය කාන්දු වී මෙලෙස කම්කරුවන් තිදෙනෙකු මරණයට පත්ව තිබුණේ පුත්තලම සෝල්ටන් 1 ගම්මානය හා මදිනා නගර් ගම්මාන දැඩි කම්පනයට පත් කරමිනි.
කොන්ත්‍රාත්තුව ලබා දුන්ත මුදලාලීයි. (හෝටල් හිමිකරු) ඒ වයර් යොදා ගෙන වැඩ කරද්දි තමා අපිට විදුලිය සැර වැදුණේ මම හිතන්නේ වයර් වල ෂෝට් එකකින් තමා එහෙම වුණේ. මට එකපාරම ඈතට විසිකළා මාව වැටිලා ගියා ඒ එක්කම අනිත් අය පලංචියෙ වැටිලා හිටියා වාගේ මතකයි. මොකද එයින් පසු මට එක පාරම කම්පනයක් වාගේ ඇතිවුණු නිසා.දැනටත් හිතා ගන්න බැහැ වුන දේ ගැන මම අවුරුදු 20 ක් විතර වැඩ කරලා තියෙනවා මේ වාගේ දෙයක් සිදුවුන පළමු පාර මේ තමා යැයි පුත්තලම රෝහලට ඇතුළත් කර සිටියදී පවසන්නට විය. අදාළ ඉදි කිරීම සඳහා පෙදරේරු හා මේසන්වරුන් ලෙසත් අත් උදව්කරුවන් ලෙසත් එම කටයුත්තට 11දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා ගෙන තිබී ඇති බව පරික්ෂණවලදී තහවුරු වී ඇත.
මෙලෙස විදුලි සැරට ලක්ව මරණයට පත්ව සිටියේ පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ පදිංචි පැරණි සෝල්ටන් කදවුර ලෙස හැඳින්වෙන සෝල්ටන් 2 ගම්මානයේ 17 හැවිරිදි එස්.එම්.ජේන්සාත් නැමති තරුණයකු ඔහුගේ මව හා පියා දෙදෙනාම විදේශ රටක රැකියාවක නිරත වීම හේතුවෙන් මෙම දරුවා අසල්වාසින් සමග කිසියම් වැඩක නිරතව එයින් ලැබෙන මුදල තම කටයුතු සදහා යොදා ගෙන ඇති බව කියයි.
ඒ සමගම එම ගම්මානයේම පදිංචි 29 හැවිරිදි තිදරු පියකු වු එම්. එම්.එස්.හමීඩ් සබ්රි තම රැකියාවෙන් ලැබෙන මුදලින් තම පවුල ජීවත් කරවන්නට දැඩි කැපවීමක නිරත වුවකු බව කියයි.මෙම දෙදෙනා සමගම මරණයට පත්වු . පුත්තලම මදිනා නගර් ගම්මානයේ පදිංචි 27 හැවිරිදි දෙදරු පියකු වන මුර්සත් ද පවතින ආර්ථික තත්වයන් හමුවේ මෙලෙස රැකියාවේ නිරත වී ලැබෙන මුදලින් පවුල නඩත්තු කිරීමට මහත් වෙහෙසක් ගෙන තිබිනි.
අදාළ ඉදි කිරීමේ නිරතව සිටි මෙසේ මරණයට පත්වු තිදෙනා සමග අනිකුත් සේවකයින් සේවය සඳහා යෙදවූ ප්‍රධාන වඩු හා පෙදරේරු කාර්මිකයකු ලෙස කටයුතු කරන මොහොමඩු මනාස්ගේ දිවි බේරි ඇත්තේ හාස්කමකින් වැනිය.
ඒ පිළිබදව ඔහු මෙලෙස විස්තර කරන්නට විය. මමත් එක්ක යකඩ පලංචියේ තවත් තුන් දෙනෙකු වැඩ කළා ඒ වැඩ සදහා විදුලිය ලබා දුන්නේ අපේ බොස්ට් කොන්ත්‍රාත්තුව ලබා දුන්න මුදලාලීයි. (හෝටල් හිමිකරු) ඒ වයර් යොදා ගෙන වැඩ කරද්දි තමා අපිට විදුලිය සැර වැදුණේ මම හිතන්නේ වයර් වල ෂෝට් එකකින් තමා එහෙම වුණේ.
මාව එකපාරම ඇතට විසිකළා මාට වැටිලා ගියා ඒ එක්කම අනිත් අය පලංචියෙ වැටිලා හිටියා වාගේ මතකයි. මොකද එයින් පසු මට එක පාරම කම්පනයක් වාගේ ඇතිවුණු නිසා.දැනටත් හිතා ගන්න බැහැ වුන දේ ගැන මම අවුරුදු 20 ක් විතර වැඩ කරලා තියෙනවා මේ වාගේ දෙයක් සිදුවුන පළමු පාර මේ තමා යැයි පුත්තලම රෝහලට ඇතුළත් කර සිටියදී පවසන්නට විය.අදාළ ඉදි කිරීම සඳහා පෙදරේරු හා මේසන්වරුන් ලෙසත් අත් උදව්කරුවන් ලෙසත් එම කටයුත්තට 11දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා ගෙන තිබී ඇති බව පරික්ෂණවලදී තහවුරු වී ඇත.
එම කණ්ඩායම කොටස් දෙකකට කඩා කොටසක් බිත්ති බැඳීමටත් අනෙක් කණ්ඩායම කොන්ක්‍රිට් දැමීමට සැටලින් ගැසීමටත් යොදවා සිටි බව පරික්ෂණවලදී තහවුරු වී තිබේ.කෙසේ නමුත් විදුලි සැරට ලක්වු පිරිස මන්නාරම හා යාපනය ප්‍රදේශවල සිට පුත්තලම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදි කලබල හේතුවෙන් තම මව්පියන් සමග පැමිණ තාවකාලික කඳවුරුවල පදිංචිව සිට පසුව එම කඳවුරු තුළම ස්ථීර පදිංචිකරුවන් ලෙස වාසය කිරීමට මේ වන විට අදාළ පසුබිම ලබා දී තිබේ.
විදුලි සැරට ලක්වු සිව් දෙනා කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබුණද ඒ වන විටත් තිදෙනකු මෙලෙස මරණයට පත්ව තිබු බව පුත්තලම මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය.
එකම ස්ථානයකදි විදුලි සැරට ලක්ව මෙලෙස තිදෙනෙකු අවාසනාවන්ත ලෙස මරණයට පත්වු මෑත කාලයේ පළමු සිදුවීම මෙය වන අතර එම ස්ථානය නිරික්ෂණය කිරීමට පුත්තලම හදිසි මරණ පරික්ෂක බදුර්දින් මොහොමඩ් හිෂාම් මහතා එම ස්ථානයට සිදුවීම සිදුවු 29 වැනිදා රාත්‍රියේම ගොස් තිබු අතර එම ඉදිකිරිම පිළිබදව දැඩි නිරික්ෂණයට ලක්කර තිබිණි.
එහිදී කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයකින් තොරව සේවකයින් සේවයට යෙදවීම ගැන කොන්ත්‍රාත්කරුට දැඩි අවවාද කිරීමටත් ඒ සමගම මෙම ව්‍යාපාරික ස්ථානය හිමි ව්‍යාපාරිකයා නිත්‍යානුකූල ක්‍රම වේදයකින් තොරව අනාරක්ෂීත ලෙස මෙම ඉදිකිරීම සදහා විදුලිය ලබා දීම ගැන එහි හිමිකරුට දැඩි ලෙස අවවාද කරන්නට විය.
අදාළ ව්‍යාපාරිකයා ඔහුගේ නිවසේ සිට වයර් යොදා ගනිමින් ප්‍රධාන පරිපථයෙන් මෙලෙස අදාළ ඉදි කිරිමට විදුලිය ලබා දීම හේතුවෙන් විදුලිය විසන්ධි වීමක් පවා සිදුව නොමැති වීම ගැන හදිසි මරණ පරික්ෂකවරයාගේ දැඩි අවධානයට යොමු වන්නට විය.
එහිදී මෙම කරුණු සම්බන්ධව පොලිසිය හරහා අධිකරණයට කරුණු වාර්තා කිරීමටත් ඔහු කටයුතු කර තිබිණි. ඒ අනුව මෙවැනි ඉදි කිරීම්වලදි සිදුවන මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට ගත යුතු පියවර ගැනද ඔහු අවධානය යොමු කරන්නට විය.විදුලි සැරට ලක්ව මරණයට පත්වු තිදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණ පුත්තලම මූලික රෝහලේදි සිදු කිරීමට නියමිතව තිබිණි. සියල්ල සිදුව අවසන්ය. ජීවිත තුනක් බිලි ගත් සිදුවීම හේතුවෙන් මහත් වේදනාවට පත්වු ඥාතින් මව්පියන් හා දරුවන් සමග බිරින්දෑවරු හඬා වැටෙමින් පුත්තලම මූලික රෝහල් භූමිය දෙවනත් කළ ලෙසින් මහා හඬින් හඬා වැටුණාහ.
අදාළ මරණ සම්බන්ධව පශ්චාත් මරණ පරික්ෂණ පුත්තලම මූලික රෝහලේදී ඊයේ (30) සිදුකිරිමට නියමිතව තිබු අතර නොරෝව්වෝල පොලිසිය හා පුත්තලම මූලස්ථාන පොලිසිය එක්ව විමර්ශන ආරම්භ කර ඇති බව ඉහළ නිලධාරියෙක් පැවැසීය.
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
0 Comments