ප්‍රසිද්ධ Mango විලාසිතා සමාගමේ නිර්මාතෘ Isak Andic, ස්පාඤ්ඤයේ බාසිලෝනා අසල කඳු නැගීමේ අනතුරකින් අවාසනාවන්ත ලෙස වයස 71දී මිය ගොස් ඇත. 2024 දෙසැම්බර් 14 වන දින, පර්වත හා ගුහා වලින් සමන්විත මොන්ට්සෙරාට් කඳුකර ප්‍රදේශයේ ඇවිදින අතරතුර ඔහු මීටර 150ක් (අඩි 492ක් පමණ) ගැඹුරු අගාධයකට වැටී තිබේ.
වාර්තා වන පරිදි ඔහු පවුලේ සාමාජිකයින් සමඟ කඳු නැගීමේ නිරත වී සිටි අතර, හෙලිකොප්ටර් යානයක් සහ කඳුකර ගලවා ගැනීමේ කණ්ඩායම් මෙහිදී හදිසි ප්‍රතිචාර සිදුකළත් ජීවිතය බේරාගන්නට හැකියාව ලැබී නැත.1953 දී තුර්කියේ උපත ලැබූ Andic, 1960 ගණන්වල සිය පවුල සමඟ කැටලෝනියාවට සංක්‍රමණය විය. ඔහු 1984 දී සිය සහෝදර Nahman සමඟ බාසිලෝනා හි Paseo de Gracia හි කුඩා සාප්පුවකින් ආරම්භ කර එය දියුනු කර Mango පිහිටුවන ලදී. ඔහුගේ නායකත්වය යටතේ, Mango රටවල් 120කට වැඩි ප්‍රමාණයක සාප්පු 3,000ක් දක්වා වර්ධනය වූ අතර ගෝලීය වශයෙන් පුද්ගලයින් 15,500ක් පමණ සේවයේ යොදවා ඇත. 2023 වන විට,
සමාගම යූරෝ බිලියන 3.1ක (ඇමරිකානු ඩොලර් බිලියන 3.4ක් පමණ) ආදායමක් වාර්තා කළ අතර ජාත්‍යන්තර මෝස්තර කර්මාන්තයේ සැලකිය යුතු තරගකරුවෙකු ලෙස පිළිගැනිණි.
Mango හි CEO Toni Ruiz, Andic ගේ අභාවය පිළිබඳ ශෝකය පළ කරමින්, ඔහු "තම ජීවිතය Mango වෙනුවෙන් කැප කළ" බවත්, ඔහුගේ දූරදර්ශී නායකත්වය හා සමාගමේ වටිනාකම් කෙරෙහි ඇති කැපවීම තුළින් සමාගමේ "නොමැකෙන සලකුණක්" තබා ගිය බවත් ප්‍රකාශ කළේය. Andic ගේ උරුමය සන්නාමය හරහා දිගටම පවතිනු ඇති බව ඔහු අවධාරණය කළේය.
කැටලෝනියාවේ කලාපීය ජනාධිපති Salvador Illa ද, කැටලෝනියාවේ ගෝලීය කීර්තිය වැඩි දියුණු කිරීමට සැලකිය යුතු දායකත්වයක් සැපයූ කැපවූ ව්‍යවසායකයෙකු ලෙස Andic ට ගෞරව කළේය. Andic ගේ මරණය මෝස්තර කර්මාන්තයේ සහ ඊට පිටත විවිධ පුද්ගලයින් කම්පනයට පත්කර ඇති කර ඇති අතර, ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ඔහුගේ බලපෑම හෙළි කරමින් සාකච්ඡා නිර්මාණයවී තිබේ. ස්පාඤ්ඤ අගමැති Pedro Sánchez, Mango ගෝලීය මෝස්තර සන්නාමයක් බවට පරිවර්තනය කිරීමට Andic දැක්වූ දායකත්වය අගයා ඇත.
0 Comments