Gajendra-Kumar-writes-to-Modi-asking-him-to-force-Anuradha-to-demand-federalism

ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යය සංකල්පය අත්හැර දෙමළ ජනතාවත් ඇතුළත් කෙරෙන ෆෙඩරල් ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත බලකර සිටින්නැයි ඉල්ලමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පොන්නම්බලම් ගජේන්ද්‍රකුමාර් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යවා තිබේ.





ශ්‍රී ලංකාව පසුගිය හැත්තෑපස් වසරක කාලයේ ප්‍රතිපත්ති හා ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලබාදීම අපොහොසත් වීම රට මෙතරම් දරුණු ආර්ථික අර්බුදයකට හා පරිහානියකට ලක්වීමට හේතුව බවද එම ලිපියෙන් අවධාරණය කර ඇති මන්ත්‍රිවරයා රට සංවර්ධනය වීමට නම් අනාගත ප්‍රතිපත්ති සෘජු හා ශක්තිමත් විය යුතු යැයිද ඔහු එම ලිපියෙන් පෙන්වා දී ඇත.

ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත යවා ඇති ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.

“ශ්‍රී ලංකාව අනාගතයේදී හෝ යහපත්ව පැවැතීමට නම් රටේ ප්‍රතිපත්ති යහපත් විය යුතුය. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුකර වසර 36ක කාලයක් ගතව තිබුණද එදා පැවැති තත්ත්වයට සාපේක්ෂව වර්තමානයේ ශ්‍රී ලංකාවේ තත්ත්වය පරිහානියට පත්ව තිබේ.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වුවද ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පවතින තාක් කල් එම සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම හෝ ස්වයං නිර්ණ අයිතිය ලබා ගැනීම දුෂ්කර බැවින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව 13 වැනි සංශෝධනය පිළිගැනීමට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. මේ පිළිබඳ අධිකරණ තීන්දු 30කට වඩා ඇත. මධ්‍යම රජය පළාත් සභා බලතල පවරාගෙන තීබීම ඊට හේතුවයි. මේ තත්ත්වය බලය බෙදා හැරීමට පවතින ප්‍රධානම බාධාවයි.”

ලක්ෂ්මී ජයකොඩි